පටිච්චසමුප්පාදය අංක: 11 (15-07-2023)

පටිච්චසමුප්පාදය අංක: 11 - සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (15-07-2023)

පටිච්චසමුප්පාදය අංක: 11 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (15-07-2023)

පටිච්චසමුප්පාදය අංක: 11 Saturday Dhamma Discussion was conducted via Zoom on 15th July 2023 by Most Ven. Kukulpane Sudassi Thero. This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය දහවෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 ජූලි මස 15 වන දින සිදුකරන ලදී.  මෙවර සජීවී ධර්ම දේශනාව සහ සාකච්ඡාව පටිච්චසමුප්පාදය පිලිබඳ එකළොස්වන වන සහ අවසාන වැඩ සටහන විය.

මෙවර ධර්ම දේශනාවේ දී පටිච්චසමුප්පාදයේ පටිච්චසමුප්පාදයේ ප්‍රතිලෝම පටිච්චසමුප්පාදය, වර්තමානයේ දී පටිච්චසමුප්පාදය නොයෙක් ආකාරයෙන් පටලවා ගෙන ඇති ආකාරය සහ දෘෂ්ටි නිවාරණය පැහැදිලි කරන ලදී.  මෙවර ධර්ම දේශනාව සහ සාකච්ඡාව පටිච්චසමුප්පාදය පිලිබඳ අවසාන වැඩ සටහන විය.


ධර්ම දේශනාවේ දී සඳහන් කල අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද “පටිච්ච සමුප්පාද විවරණය” ධර්ම ග්‍රන්ථයේ pdf පිටපත මෙතැනින් බාගත කර ගන්න: පටිච්ච සමුප්පාද විවරණය.

එම ධර්ම ග්‍රන්ථයේම html පිටපත කියවීම සඳහා මෙම යොමුව භාවිතා කරන්න: පටිච්ච සමුප්පාද විවරණය.


මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: ප්‍රතිලෝම පටිච්චසමුප්පාදය සහ එය නිවන ඇති කර ගැනීමට යොදා ගන්නා ආකාරය පැහැදිලි කරන්න. *** (පටිච්චසමුප්පාදයේ ප්‍රතිලෝම පටිච්චසමුප්පාදය සහ වර්තමානයේ දී පටිච්චසමුප්පාදය නොයෙක් ආකාරයෙන් පටලවා ගෙන ඇති ආකාරය පැහැදිලි කෙරෙන වටිනා ධර්ම දේශනාවකි.)
  2. පටිච්චසමුප්පාදයේ හේතු සහ ප්‍රත්‍ය පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  3. ප්‍රතිලෝම පටිච්චසමුප්පාදයේ දී වඩා අනුකූල වන්නේ ගිය සතියේ කථා කල මූල දෙක නොවේ ද?*** (අද දින සාකච්ඡාවට සුදුසු පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
  4. පටිච්චසමුප්පාදය නිවන් දැකීමෙන් පසුව බහා තැබිය යුතු ප්‍රඥප්ති දහමක් ද? ***(වටිනා පැහැදිලි කිරීමකි.)
  5. අප වර්ථමානයේ කුසල මූලිකව සිටින විට අතීත කුසලයන් ඉස්මතු වීම සිදු වෙනවා ද? ***
  6. සෝවාන් ආදී මාර්ග ඵල වලට පත්වෙන විට අවිද්‍යාව දුරුවන්නේ කෙසේද?
  7. දරුවන් හට අවේදයිත සුඛය පැහැදිලි කිරීමේ දී මෙම උදාහරණ සුදුසු ද?
  8. ධ්‍යාන ලාභියෙක් බිත්තියක් හරහා යන විට රූප කලාප වෙනස් කරමින් යනවා ද? ***
  9. සෝවාන් වීම සඳහා පටිච්චසමුප්පාදය මෙවන් ආකාරයෙන් ඉතා ගැඹුරින් අධ්‍යනය කිරීම අවශ්‍ය වෙනවා ද? *** (කාලීන පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
  10. කර්මක්‍ෂය ඥානය තව දුරට පැහැදිලි කරන්න.
  11. අපගේ දුක නැතිකර ගැනීමට එය හටගන්නා ආකාරය තුල අපගේ මනසිකාරය පවත්වා ගත යුතු නොවේ ද? *** (අපැහැදිලි පැනයකට දුන් ඉතා වටිනා පිළිතුරකි. එම පිළිතුර ඉහත අංක 09 පැනයට සම්බන්ධ වේ.)
  12. පංච විමුක්තායතන සූත්‍රයට අනුව ධර්ම සම්මර්ෂණය යනු දහම් කරුණු කල්පනා කර එමගින් සමාධියක් ලබා එය පාදක ක්‍රගෙන මග ඵල ලබා ගැනීමද? ***
  13. YouTube එකෙන් මෙම වැඩ සටහනට සම්බන්ධ වෙන අය ධර්ම යාත්‍රා වලට එකතු වන්නේ වෙන්නේ කෙසේ ද?
  14. පින්වතුන් කිහිපදෙනෙක් ඇසූ අනෙක් සියළු පැනයන් සහ පිළිතුරු මෙම විනාඩි 21 ක කොටසේ ඇතුලත් වේ.
  15. අවසානය. *** (මාතෘකාවට අදාලව පැනයන් විමසීමේ අවශ්‍යතාවය මෙහි දී නැවතත් අවධාරණය කරන ලදී.) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.