පටිච්චසමුප්පාදය අංක: 08 (10-06-2023)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – පටිචිචසමුප්පාදය අංක: 08 උපාදාන පච්චයා භවෝ (10-06-2023)

පටිච්චසමුප්පාදය අංක: 08 – Saturday Dhamma Discussion was conducted via Zoom on 10th June 2023 by Most Ven. Kukulpane Sudassi Thero. This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හත් වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 ජූනි මස 10 වන දින සිදුකරන ලදී.  මෙවර සජීවී ධර්ම දේශනාව සහ සාකච්ඡාව පටිච්චසමුප්පාදය පිලිබඳ අටවන වැඩ සටහන විය.

මෙවර ධර්ම දේශනාවේ දී පටිච්චසමුප්පාදයේ දැක්වෙන උපාදාන පච්චයා භවෝ යන්න මැනවින් පැහැදිලි කරන ලදී.  එමෙන්ම මෙවර ධර්ම සාකච්ඡාවේදී ද ධර්ම දේශනාවට සම්බන්ධ බොහෝ වටිනා ප්‍රශ්න ඇසීම සහ ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදුවිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: උපාදාන පච්චයා භවෝ යන්න පැහැදිලි කරන්න. *** (පටිච්ච සමුප්පාද විවරණය ග්‍රන්ථයේ උපාදාන පච්චයා භවෝ යන්න විස්තර කරන කොටස උපයෝගී කර සිදු කල විශිෂ්ඨ දේශනයකි.  ඇති පූජනීය රේරුකානේ චන්දවිමල මහා තෙරුන් වහන්සේ විසින් රචිත පටිච්ච සමුප්පාද විවරණය ග්‍රන්ථයේ එම කොටස මෙතනින් කියවන්න: උපාදාන පච්චයා භවෝ)
  2. අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ 50 වෙනි ජන්ම දිනය වෙනුවෙන් ආශීර්වාදය.
  3. සුගති භවයකට යන්නේ මිනිසුන්ගෙන් ඉතා සීමිත සංඛ්‍යාවක් බැවින් අතීතයේ අනුගමනය කල අරියවංශ ප්‍රතිපදාව එහිදී වැදගත් වෙනවා නොවේ ද? *** (යා යුතු නිවැරදි මග ප්‍රඥා සම්පන්න ලෙස දැනගැනීම සහ පුහුණු කිරීමේ වටිනාකම පිළබඳව මෙහිදී පැහැදිලි කෙරේ. එමෙන්ම භවය කළමනාකරණය කිරීම පිලිබඳ පහත අංක 07 සහ 09 ට ද සවන් දෙන්න.)
  4. පටිච්චසමුප්පාදයෙන් දැක්වෙන්නේ පුද්ගලයෙකු ගේ භව චක්‍රයක් ද? ***
  5. භවය කියන්නේ කුමකට ද? *** (ඉතා වටිනා පිළිතුරකි.)
  6. පටිච්චසමුප්පාද චක්‍රය හේතු ප්‍රත්‍ය පිළිබඳව සිදු කරන්නක් ද? *** (පටිච්චසමුප්පාද චක්‍රය හේතු ඵල ගැන බවත්, හේතු සහ ප්‍රත්‍ය යනු කුමක යැයි පිලිබඳ වටිනා පැහැදිළි කිරීමකි.)
  7. අප කරන සෑම පින්කමක් කිරීමෙන් පසු සිදු කරන ප්‍රාර්ථනාවන් ගෙන් නව භවයක් සකස් වෙනවා නොවේ ද? *** (භවය නියම ආකාරයෙන් කළමනාකරණය කිරීමේ වැදගත්කම පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීමකි. මෙය ඉහත අංක 03 ට ද සම්බන්ධ වේ.)
  8. සත්‍යක්‍රියාව අපට ප්‍රර්ථනා වෙනුවට කිරීමට හැකි දෙයක් ද? (ප්‍රර්ථනා සහ සත්‍යක්‍රියා අතර ඇති වෙනස මෙහිදී මනාව පැහැදිලි කෙරේ.)
  9. සතර බ්‍රහ්ම විහරණ සසර කළමනාකරණය කර ගැනීමට සුදුසු පුහුණුවක් ද? *** (සසර කළමනාකරණය සඳහා සතර බ්‍රහ්ම විහරණයේ ඇති සීමාවන් පිළිබඳව මෙහි දී පැහැදිලි කෙරේ.  එමෙන්ම ප්‍රර්ථනා යනු කුමක් දැයි මෙහි දී නැවත පැහැදිලි කෙරේ. මෙම පිළිතුර ඉහත අංක 03 ට ද සම්බන්ධ වේ.)
  10. ජාතියේ දී රූප, අරූප ආදිය සඳහන් කරන්නේ ඇයි?
  11. දෙවතානුස්සතිය වැඩීම තෘෂ්ණා මූලික ද ප්‍රඥා මූලික ද?
  12. කර්ම භව සහ උපපත්ති භව ඇති වන්නේ සැම විටම ද නැතහොත් මරණයේ දී පමණ ද?
  13. ගිහි ජීවිතයේ වගකීම් සහ ගැටළු, ධර්මය අවබෝධ කර ගැනීමට රුකුලක් ලෙස යොදා ගත හැකි නොවේ ද? ***
  14. නෙක්ඛම්ම ප්‍රඥාව පාදක කොට ගෙන නිර්වාණය සම්බන්ධ කරගන්නේ කෙසේ ද? *** (සතිය නිවනට ඉල්ලක්ක කරන ආකාරය පිලිබඳ වටින පැහැදිලි කිරීමකි.)
  15. අට්ඨකතා වල සඳහන් වෙන, “යමක් මතක තබා ගන්නේ ඤාණ පුර්වාංගම සතියෙනි. යමක් තේරුම් ගන්නේ සති පුර්වාංගම ඤාණයෙනි.” යන්න පහදා දෙන්න.
  16. නාම ධර්ම වශයෙන් ගැනෙන්නේ සියළු සිත් සහ චෛතසිකයන් 52 ද?
  17. පූර්ව අන්තය සහ අපර අන්තය පැහැදිලි කරන්න.
  18. දහම් පැන ඇසීම පිලිබඳ පැනයට දුන් ඉතා වටිනා පිළිතුර. *** (දහම් පැන සාකච්ඡා වල හරය සහ පදනම පිලිබඳ ඉතා වටිනා පිළිතුරකි.  එම පිළිතුර තුල දහම් මාර්ගයේ ගමන් කරන්නෙකු තුල තිබිය යුතු නිවැරදි ආකල්ප සහ පැවැත්ම විදහා දැක් වේ.)
  19. භාවනා කිරීමේ දී එය කරන්නේ කෙලෙස් ප්‍රහාණය සඳහා යැයි සිතුවොත් නිවැරදි ද? *** (වටිනා පිළිතුරකි.)
  20. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.