පටිච්චසමුප්පාදය අංක: 04 – සෙනසුරාදා ධර්ම සාකච්ඡාව (29-04-2023)

පටිචිචසමුප්පාදය අංක: 04 – විඤ්ඤාණ පච්චයා නාම රූපං සහ නාම රූප පච්චයා සලායතනං (29-04-2023)

පටිච්චසමුප්පාදය අංක: 04 – Saturday Dhamma Discussion was conducted via Zoom on 29 April 2023 by Most Ven. Kukulpane Sudassi Thero. This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය තුන්වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 අප්‍රේල් මස 29 වන දින සිදුකරන ලදී.  මෙවර සජීවී ධර්ම දේශනාව සහ සාකච්ඡාව පටිච්චසමුප්පාදය පිලිබඳ සිව් වන වැඩ සටහන විය.

මෙවර ධර්ම දේශනාවේ දී පටිච්චසමුප්පාදයේ දැක්වෙන “විඤ්ඤාණ පච්චයා නාම රූපං” සහ “නාම රූප පච්චයා සලායතනං” යන සංකීර්ණ පටිච්චසමුප්පාද ධර්මයන් පැහැදිලි කරන ලදී.  එමෙන්ම ධර්ම සාකච්ඡාවේ දී මෙදින ධර්ම දේශනාවට සම්බන්ධ බොහෝ ප්‍රශ්න ඇසීම හේතුවෙන් සාකච්ඡාව වටිනා සහ හරවත් විය. 

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: විඤ්ඤාණ පච්චයා නාම රූපං සහ නාම රූප පච්චයා සලායතනං යන කරුණු පැහැදිලි කරන්න. *** (එක් එක් භවයන්ගේ රූපය සහ ආයතන ඇතිවෙන ආකාරය පිලිබඳ අප නොදැන සිටි බොහෝ කරුණු මෙහි පැහැදිලි කෙරේ.)
  2. ආයතන ලෝකය කියා බුදුරජාණන් වහන්සේ කීවාට වෙනත් තැනක දී උන්වහන්සේම කීවා නොවේ ද ආයතන වසා ගැනීමෙන් ලෝකය නවතා ලීමට බැරි බව ? *** (ඉතා වටිනා පිළිතුරක් සහ පැහැදිලි කිරීමකි.)
  3. අසංඥ තලයේ සිටින සත්වයන්ට ප්‍රතිසන්ධි විඤ්ඤාණයක් නොමැතිව තවත් භවයක් සකස් වන්නේ කෙලෙස ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  4. කාම භවයේ ජලාබුජ උපතේදී ආයතන හට ගැනීමට යම් කාලයක් ගත වන ආකාරයට මනායතනයත් පසුව පහල වේ ද? 
  5. අරූපාවචර බ්‍රහ්මයින්ට දහම අවබෝධ කරගත නොහැක්කේ ඒ අයට ශ්‍රොත ඉන්ද්‍රිය නැති නිසා ද?
  6. සිහි සුන්ව උපකරණ ඇසුරෙන් ජීවය පවත්වන ‘කොමා’ තත්වයේ සිටින දරුවෙකුගේ අංගයන් දෙමාපියන් විසින් පරිත්‍යාග කිරීමෙන් ඒ දරුවාට පිනක් සිදු වෙනවා ද? *** (කර්මයේ ක්‍රියාකාරීත්වයේ සියුම් තැනක් පිලිබඳ වටිනා පැහැදිලි කිරීමකි.)
  7. ප්‍රතිසන්ධි සිත භවංග සිතේ දිගටම පවතිනවා නම් ප්‍රතිසන්ධිය ගන්න ඕනෑම අරමුණක් ප්‍රභාශ්වර වීමට පුළුවන් ද? *** (භවාංග සිත පිලිබඳ වටිනා පැහැදිලි කිරීමකි.)
  8. විඤ්ඤාණ පච්චයා නාම රූපං සහ නාම රූප පච්චයා සලායතනං යන්න උපතේදී බලපාන ආකාරය පිළිබඳව තවත් පැහැදිලි කරන්න. ***
  9. අසංඥ තලයේ උපදින සත්වයෙකුගේ සිත් පහලවීමක් අපගේ වගේ නැති නම්, කුසල් අකුසල් නැති නම්, නැවත උප්පත්තිය තීරණය වන්නේ කෙසේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  10. සෝවාන් ආර්යන් වහන්සේ නමක් අරූප තලයේ ඉපදුනොත් ඊළඟ මාර්ග ඵල වලට පත්වීමට එහිදී විදර්ශනා වැඩීමට පුළුවන් වේද?
  11. අකුසල් සිතක් ඇතිවූ විට කායානුපස්සනාවෙන් ඒ සිතුවිලි බිඳ දමා නැති කිරීම ද කල යුත්තේ? *** (ප්‍රායෝගික වටිනාකමකින් යුතු පැහැදිලි කිරීමකි.)
  12. සතර අපායේ ඉපදෙන සත්වයන්ගේ භවාංග සිත් ප්‍රභාශ්වර සිත් වන්නේ නැහැ නොවේ ද? ***
  13. ධ්‍යාන ලාභී යෝගාවචරයන්ට රූප සහ අරූප ලෝක නිවන් දැකීමට සුදුසු ස්ථාන වේ ද? ***
  14. මහග්ගත සිත් යනුවෙන් අදහස් වන්නේ කුමන සිතක් ද?
  15. බුදුරජාණන් වහන්සේ හමුවීමට ආලෝක විහිදුවමින් පැමිණි බ්‍රහ්මයන් හට සොතායතනය නැති ද?
  16. අපායේ උපදින සත්වයන්ගේ සිත් විපාක සිත් නිසා ඒවා ප්‍රභාශ්වර සිත් වීමට බැරි ද?
  17. මාර්ග ඵල ලැබීම හේතු කොට යම්කිසි අකුසල් කොටසක් නැති වෙනවා ද?
  18. “පභස්සර මිදං භික්ඛවෙ චිත්තං” යනුවෙන් දැක්වෙන ප්‍රභාශ්වර සිත ධ්‍යානයේ දී අත්දකින ප්‍රභාශ්වර සිත ද?
  19. අහේතුක සිත් කියන්නේ මොනවා ද? ***
  20. නූතන විද්‍යාවට අනුව කළලය ඇතිවීම ආදිය පැහැදිලි කිරීම දහමේ දැක්වෙන දෙයට සමාන වේ.
  21. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.