නැවැත්ම සඳහා පැවැත්ම අංක: 02 (14-01-2023)

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 02 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව92 (14-01-2023)

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 02 – Saturday Dhamma Discussion – 92 was conducted on 14 January 2023 by Most Ven. Kukulpane Sudassi Thero.  Saturday Dhamma Discussion – 92 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අනූ දෙවෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 ජනවාරි මස 14 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාවේ දී අරියවංශ සූත්‍ර දේශනාව විග්‍රහ කරමින් ඒ තුලින් නැවැත්ම සඳහා පැවැත්ම සිදුකරන්නේ කෙසේදැයි ගැඹුරින් විස්තර කිරීම ආරම්භ කරන ලදී. එමෙන්ම ධර්ම සාකච්ඡාවේ දී මතු කළ සියළුම පැනයන් වාගේ මෙම මාතෘකාවට අදාල වටිනා දහම් විවරණ වලට මග හෙළි කල වටිනා පැනයන් විනි.

ත්‍රිපිටකයේ එම අරියවංශ සූත්‍රය මෙතනින් කියවන්න: අරියවංශ සූත්‍රය.

මෙම (නැවැත්ම සඳහා පැවැත්ම 02 – 14-01-2023) ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව – අරියවංශ සූත්‍රය තුලින් නැවැත්ම සඳහා පැවැත්ම ඇතිකර ගැනීමට අපට විවර වෙන ක්‍රමවේදය කුමක්දැයි පහදා දෙන්න. *** (එම සූත්‍රයේ නැවැත්ම සඳහා පැවැත්ම කිරීමට දැක්වෙන ඉතා වැදගත් කරුණු පහද දීම මෙම දේශනාවෙන් ආරම්භ කෙරිණි. මෙය කිහිප වාරයක් ශ්‍රවණය කිරීමට වටිනා දේශනාවකි. පහත සඳහන් බොහෝ පැනයන් මේ තුලින් ආරම්භ වේ.) 
  2. මේ මාසයේ මහියංගනයේ දී පැවැත්වෙන පිංකම පිළිබඳ මතක් කිරීම.
  3. රජුන් හෝ සාමාන්‍ය කෙනෙක් හෝ ආහාරයේ රසවත් බව ගැන අප පෙර ඇති කරගත් මිනුම් නිසා ඇතිවන ඇලීම් හෝ ගැටීම් වලට ඒ මොහොතේම සති සම්පජඤ්ඤයෙන් අවධි වීමෙන් ඔවුන් අරියවංශ ප්‍රතිපදාවේ ඉදිරියට යාම සිදුවෙනවා නොවේ ද? *** (තණ්හා, මාන සහ දිට්ඨි වලට හසු නොවෙමින් ප්‍රත්‍යවේක්ෂණය තුලින් පරිභෝජනය කිරීමේ වැදගත්කම මෙහිදී පැහැදිලි කෙරේ.)
  4. ගෙපිළිවෙලින් පිඬුසිඟා වැඩීමේ දී අනතුරක් පෙනෙන විට එම ස්වාමින්වහන්සේට එවැනි තැන් මගහරවා යාමට පුළුවන් ද? 
  5. වර්ථමාන සමාජයේ පවතින අධිපරිභෝජනය වෙනුවට දෙමාපියන් නිවෙස් තුලදීම පෙර කාලයේ තිබූ මැදහත් පරිභෝජන රටාව වෙත දරුවන්ට පුරුදු කිරීමට හැකි නොවේද? ***
  6. ගීතයක් කීම තුලින් ලබන ගත සිත කුල්මත් කරන සාමිස සුවය සහ නිරාමිස සුවය අතර වෙනස තේරුම් ගන්නේ කෙසේද? ***
  7. මස් මාංශ අනුභවයට දක්වන ප්‍රියතාවය සහ නිර්මාංශ භෝජනයකට ඇලීම යන දෙකම සමාන නිසා එබඳු මානසිකත්වයකින් මිදීම වැදගත් වෙනවා නොවේ ද? *** (ඉතා වටිනා පැනයක් සහ පිළිතුරකි. එම පැනය ඉහත පැන අංක 03 ට සම්බන්ධ වේ.)
  8. ආහාර, ඇඳුම් සහ නිවාස නොමැති කම තුලින් මතුවෙන අත හැරීමට වඩා එය තේරුම් ගැනීමෙන් සිදු කරන අතහැරීම වැදගත් වෙනවා නොවේ ද? *** (වටිනා පැනයක් සහ පිළිතුරකි. එම පැනය ඉහත පැන අංක 05 සහ 03ට සම්බන්ධ වේ.)
  9. නිර්මාංශ වීම තුලින් ලබන නිරාමිස සතුට. *** (නිර්මාංශ වෙමින් එහි වටිනාකම ප්‍රචාරය කරන කෙනෙක් එය නිවැරදි දැක්මක් තුලින් කිරීමෙන් ලබන නිරාමිස සුවය පිලිබඳ වටිනා පැහැදිලි කිරීමකි.)
  10. භාවනාව තුලින් ලැබෙන නිරාමිස සුවයට ඇතිවෙන කැමැත්ත නිසා එහි නැවත නැවත යෙදීම නිරාමිස සුවයම ද? *** (වටිනා පැනයක් සහ පිළිතුරකි.)
  11. ස්වාමින් වහන්සේ නමකට දානය දීමේ දී ස්වාමින්වහන්සේ කැමති දේ අසා පුජා කිරීම වඩා සුදුසු වේද? *** (ඉතා වටිනා පිළිතුරකි.)
  12. විශේෂ දැනුම් දීම, පින් දීම සහ අවසානය. ***

One thought on “නැවැත්ම සඳහා පැවැත්ම අංක: 02 (14-01-2023)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.