කාලාම සූත්‍රය අංක: 01 (22-07-2023)

කාලාම සූත්‍රය අංක: 01 - සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (22-07-2023)

කාලාම සූත්‍රය අංක: 01 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (22-07-2023)

කාලාම සූත්‍රය අංක: 01 – Saturday Dhamma Discussion was conducted via Zoom on 22nd July 2023 by Most Ven. Kukulpane Sudassi Thero. This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය එකොලොස් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 ජූලි මස 22 වන දින සිදුකරන ලදී.  මෙවර සජීවී ධර්ම දේශනාව සහ සාකච්ඡාව කාලාම සූත්‍රය පිලිබඳ පළමු වැඩ සටහන විය.

මෙවර ධර්ම දේශනාවේ දී නව දේශනා මාලාවක් ලෙස කාලාම සූත්‍රය ආරම්භ කරන ලදී.  වර්තමානයේ දී කාලාම සූත්‍රය බොහෝ විට වැරදි ආකාරයෙන් යොදා ගන්නා නිසා එය පැහැදිලි කර ගැනීමේ වැදගත් කම මෙහි දී මතු කරන ලදී.  එමෙන්ම කරුණු වල සත්‍ය හෝ අසත්‍ය බව තීරණය කිරීමට යෝග්‍ය මිමි දහය පිලිබඳ පැහැදිලි කෙරිණි.  ඉන් පසුව බුදු රජාණන් වහන්සේ දේශනා කල සංදිට්ඨික ක්‍රමය පැහැදිලි කෙරුනේ යම්කිසි දෙයක සත්‍ය තේරුම් ගැනීමේ නිවැරදි ක්‍රමයක් ලෙසිනි.

මෙවර ධර්ම දේශනාව සහ සාකච්ඡාව කාලාම සූත්‍රය පිලිබඳ ඉතා කාලීන වැඩ සටහනක් විය.

මෙම ධර්ම දේශනාවට සහ සාකච්ඡාවට මූලික වන කාලාම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: කාලාම සූත්‍රය.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය »  මහා වර්ගය » කාලාම සූත්‍රය.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: කාලාම සූත්‍රය පැහැදිලි කර එහි වර්ථමාන යෝග්‍යතාවය පෙන්වා දෙන්න. *** (කාලාම සූත්‍රයෙන් නිවැරදිව සිතීමේ හැකියාව ජනිත කරන්නේ කෙසේද සහ එහි කාලීන වටිනාකමත්, සති සම්පජඤ්ඤයේ අත්‍යවශ්‍යතාවයත් මෙහිදී පැහැදිලි කෙරේ.  විශිෂ්ඨ ධර්ම දේශනාවකි.)
  2. කාලාම සූත්‍රයේ සඳහන් වෙන විඤ්ඤු යන වචනය පැහැදිලි කර දෙන්න. *** (ඥානවන්ත පුද්ගලයා යනු කවරේ දැයි මෙහි දී පැහැදිලි කෙරේ.)
  3. කාලාම සූත්‍රයෙන් සෑම දේම ප්‍රතික්‍ෂේප කිරීම දක්වා නැහැ නොවේ ද? **
  4. කාලාම සූත්‍රයේ දැක්වෙන ආකාරයෙන් සතිය සහ සම්පජඤ්ඤය භාවිතා කල විට ලොවේ සෑම දෙයක් ගැනම මෙම ක්‍රම වේදය යොදා ගැනීමට හැකි වෙනවා නොවේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමක් සහ සාකච්ඡාවකි.)
  5. කාලාම සූත්‍රය තුලින් බුදුරජාණන් වහන්සේ සිදුකර ඇත්තේ අසන්නා තුල ප්‍රඥාව සුවිශේෂී ලෙස අවධි කිරීම නොවේ ද? *** (වටිනා පැහැදිලි කිරීමක් සහ සාකච්ඡාවකි.)
  6. වර්ථමාන සමාජයේ කාලාම සූත්‍රය ගැන කියැවෙන්නේ අර්ධ වශයෙන් නොවේ ද? ***
  7. කාලාම සූත්‍රය තික නිපාතයේ ඇතුලත් කර ඇත්තේ කුමන කරුණු තුනක් නිසාවෙන් ද?
  8. බටහිරින් එන විවේචනාත්මක චින්තනය (critical thinking) යන්න නිවැරදි චින්තන ක්‍රමවේදයක් ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමක් සහ සාකච්ඡාවකි. අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සම්බන්ධ කාලීන වැදගත් කමකින් යුතු කරුණු සමූහයක් මෙහි දී මතු කෙරේ.  එමෙන්ම බටහිර ලෝකයෙන් එන ක්‍රමවේදයක් වන mindfulness භාවනා මධ්‍යස්ථාන වලින් පවා වැළඳගෙන ඇති ආකාරය පැහැදිලි කෙරේ.)
  9. ශෘතවත් පෘතග්ජනයෙක් වත් නොවී අපට විඤ්ඤු පුද්ගලයෙක් වීමට බැහැ නොවේ ද? *** (වටිනා පැහැදිලි කිරීමක් සහ සාකච්ඡාවකි.)
  10. බුද්ධ දේශනාවේ කුසල් අකුසල් වෙන් කර හඳුනාගැනීමේ ක්‍රම 3ක් දැක්වීමේ දී එසේ ක්‍රම තුනකට විමසා බැලීම සිදු කරන්නේ මන් ද? ***
  11. සත්ව මාංශ අනුභවය මෙම කාලාම සූත්‍රයේ දැක්මට ගලපා ගත හැකි නොවේ ද? *** (මෙම පැනයට දුන් පිළිතුරේ වටිනාම කරුණ වන්නේ ඒ තුලින් ක්‍රමිකව අපගේ සිත්වල දෘෂ්ටි ගතික වීමේ ස්වභාවය මනා ලෙස පෙන්වා දෙන බැවිනි.)
  12. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.