Saturday Dhamma Discussion – 13 (27-03-2021)

Saturday Dhamma Discussion – 13 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක:13)

Saturday Dhamma Discussion – 13 was conducted on 27 March 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording of Saturday Dhamma Discussion – 13, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening. Ven. Anuradhapura Anuruddha Thero joined the discussion later.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දහතුන්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මාර්තු මස 27 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන මැදදී දායක වූ සේක. 

මෙවර ධර්ම සකච්චාවද “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබීය. හයවන සහ හත්වන උපාසක ගුණ මූලික කොටගෙන දහම් සාකච්චාව සිදුකෙරිණි.  එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.

  1. හයවන උපාසක ගුණය පිලිබඳ පැහැදිලි කරන්න.
  2. පෘතග්ජනයකුට තිසරණය භව පුරුද්දක් ලෙස ඊළඟ මිනිස් උප්පත්තියට යන්නේ නැතිද?
  3. සෝතාපන්න ඵල ලාභියෙක් බුද්ධ ශුන්‍ය කාලයක ඉපදුනොත් ඔහුට තිසරණය පිහිටේද?
  4. ”බුද්ධං ජීවිත පරියන්තන් සරනං…” ගාථාවේ තේරුම පහදා දෙන්න.
  5. ශීලය පිලිබඳ සඳහන් වෙන හත්වන උපාසක ගුණය පිලිබඳ පැහැදිලි කරන්න.
  6. කිසිවෙකුටත් හානි නොවන ලෙස වචන පාවිච්චි කිරීම පුහුනුවන්නේ කෙසේද?
  7. තරහා ඇතිවීමේදී එය යටපත් කරගැනීම හොඳද?
  8. ඇතැම් අවස්ථා වලදී සත්‍ය වචන පැවසීමෙන් ඇතිවෙන හානි වලකා ගන්නේ කෙසේද?
  9. ආත්මාරක්ෂාවට වෙනත් කෙනෙකු මැරීම නරකද?
  10. ආයතනයක සේවකයකු වරදක් කලොත් එයට ප්‍රධානියා දඬුවම් දීමෙන් ප්‍රධානියාට අකුසලයක් සිදුවෙනවාද?
  11. එදිනෙදා ජීවිතයේදී සිතට දැනෙන ස්වභාවයත් කයට දැනෙන ස්වභාවයත් අතර සමතුලිත බැවින් යුතුව දහමට අනුගතව පවත්වා ගන්නේ කෙසේද?
  12. භික්ෂුනී විනයක් සහ ශීලයක් අනුගමනය කරනා පිරිසක් සිටින නිසා දැන් ලෝකයේ භික්ෂුනී සාසනයක් පවතින්නේද?
  13. බුදුරජාණන්වහන්සේ දේශනා කල පරිදි අවසාන භික්ෂුණිය නැති වූ විට භික්ෂුනී සාසනයක් තිබිය හැකිද?
  14. වර්ථමානයේ භික්ෂුනී සාසනයක් පිලි නොගන්නේ කාන්තාවන් පහත් කිරීමට නොවේ.
  15. පෝය දවසේ සහ බටහිර ඇති “සඳ පායනවිට උන්මාදය ඇතිවනවා” යන මතය අතර සම්බන්ධයක් කිබේද?
  16. මහණවීම ගැන දෙමාපියන් අකමැති විට ඔවුන් මියගිය පසු මහණ වූවාට කමක් නැද්ද?
  17. අවසානය.