Saturday Dhamma Discussion – 07 (13-02-2021)

Saturday Dhamma Discussion – 07 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක 07)

Saturday Dhamma Discussion – 07 was conducted on 13 February 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Ven. Anuruddha Thero coordinated the Zoom discussion from another location. The two hour long recording of Saturday Dhamma Discussion – 07, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හත්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 පෙබරවාරි මස 13 දින සිදුකරන ලදී. පුජ්‍යපද අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට දායක වූ සේක. 

මෙවර ආරම්භ කල සාකච්චා මාලාව ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2013 දී සිදුකල “ද්වේෂය දුරුකරන ක්‍රම” දේශනා මාලාව පාදක කරගෙන සිදුකරනු ලැබීය. එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.

  • මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  • එමෙන්ම, එසේ වෙන් කර ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු SMART PHONE එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම “COMMENTS”  අංශයට ඇතුලත් කර ඇත.

එමෙන්ම ඇතැම් ප්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු සුවිශේෂී වටිනාකමක් ඇති ඒවා වේ. එම පැනයන් නම් අංක 1,3,4,5,8,9,10,12,13

To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. මිනිසුන්ගේ වෛරය සහ ද්වේශය ස්වභාවික විපත් වල බලය සහ බලපෑම වැඩි කිරීමට හේතු වෙනවද?
  2. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වල වීර්යය වෙනස් ආකාරයෙන් යෙදෙන්නේ කෙසේද?
  3. ද්වේශය පුද්ගලයෙක් පිළිබඳව ඇතිවූ විට සාධක පිළිබඳව විමසා බල සිත සකස්කර ගන්නේ කෙසේද?
  4. ක්‍ෂණික කෝපය කුමක්ද සහ එය මැඩපවත්වන ආකාරය පැහැදිලි කරන්න.
  5. භවය සහ කර්ම භවය පිලිබඳ පැහැදිලි කරන්න.
  6. ගැටීම් ඇතිවූ අවස්ථා සහ හේතු හදාගැනීම සඳහා ගැන නැවත නැවත සිතීමෙන් කර්ම රැස් වේද?
  7. ද්වේශයට හේතුවූ පුද්ගලයා ගැන නැවත නැවත සිතීම නිසා ප්‍රපංච ඇතිවීමෙන් කර්මයන් ඇතිවේද?
  8. අප සමග ගැටීමට එන පුද්ගලයන්ගෙන් ඉවත්වී සිටීමෙන් අකුසල් වලකා ගත හැකිද? ♥♥
  9. ද්වේශය ඇතිවීම පෞරුෂත්ව ගුණයක් ලෙස වරදවා ගැනීම හඳුනා ගන්නේ කෙසේද? ♥♥
  10. ගුරුවරයකු විසින් ශිෂයෙක් වැරදි කරනවිට කෝපවී දඬුවම් කිරීම නිසා ඇතිවන ප්‍රතිඵලය කුමක්ද? ♥♥
  11. යමෙකුගේ වැරදි ඇබ්බැහිවීම නිසා සහ කොප වීමේ ආදීනව සැලකීමෙන් ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇතිවන ප්‍රතිඵලය කුමක්ද?
  12. කොපවීමෙදී කෝපය යොමුවන පුද්ගලයා අනුව කර්මය වෙනස් වේද?
  13. අපට විපාක ගෙනදීමට කර්මය බලපාන ආකාරය අනුව ද්වේශය දුරු කරගැනීම පැහැදිලි කරන්න.
  14. අවසානය.

එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.