ප්‍රඥාවේ ප්‍රභේද – Saturday Dhamma Discussion – 68 (25-06-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 68 (ප්‍රඥාව13 – අනුරුද්ධ සූත්‍රය: 21) 25-06-2022

ප්‍රඥාවේ ප්‍රභේද – Saturday Dhamma Discussion – 68 was conducted on 25 June 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 68 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හැට අටවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 ජූනි මස 25 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාවේදීද අනුරුද්ධ සූත්‍රයේ හත්වන මහා පුරුෂ විතර්‍කය වන “මේ ධර්මය, ප්‍රඥාවන්තයා හට ය, මේ ධර්මය, අඥානයා හට නොවේ.” යන කරුණ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන ලදී. 

එමෙන්ම මෙදින ධර්ම දේශනාවේදී ප්‍රඥාවේ පාරමිතා සහ ප්‍රඥාවේ ප්‍රභේද පිළිබඳව පැහැදිළි කරමින් අනුරුද්ධ සූත්‍රයේ හත්වන මහා පුරුෂ විතර්‍කය පිලිබඳ වූ දේශනා මාලාව අවසන් කරන ලදී. 

ත්‍රිපිටකයේ එම අනුරුද්ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය.


  1. ප්‍රඥා පාරමිතා සහ ප්‍රඥාවේ ප්‍රභේද පිළිබඳව පැහැදිළි කරන්න.*** (ප්‍රඥාව පාරමිතාවක් ආකාරයට සහ ප්‍රඥාව ගුණයක් ලෙසට දියුණු කරන ආකාරය පිලිබඳ මෙම දේශනාව ඉතාම වටිනා වේ.)
  2. විශේෂ පණිවිඩය.
  3. ප්‍රඥාව ගුණයක් ලෙසට ප්‍රගුණ කරන විට රූපය පිළිබඳව පමණක් අරමුණු කරන්නේ ඇයි? 
  4. තිබුන සහ දැකපු රුපයක අනිත්‍යතාවය බැලීම නිවැරදිද? ***
  5. සංඥා, විඥාන යන ඒවා ප්‍රඥාවේ ප්‍රභේදයන්ද?
  6. හේතු සහ ප්‍රත්‍ය පිළිබඳව විමසීමේදී යමක් වෙනස් වූ පසු එහි ඇති පුර්ව හේතුන් නිසා පැවතීමක් පිළිඹිබු කෙරෙන්නේද? ***
  7. මහෞෂධ පඬිතුමන් වේදේහ රජුන් හට උපකාර කිරීම ප්‍රඥා පාරමිතාව පිරීමක් වන්නේ කෙසේද? *** (පාරමිතාවන් දියුණු කිරීම පිළිබඳව වර්තමාන සමාජයේ පවතින වැරදි මතයක් ඉතාම හොඳින් නිවැරදි කෙරෙන පිළිතුරකි. එමෙන්ම බෝසත්වරුන්ගේ සංසාරික දැක්ම පිළිබඳව මනා පැහැදිලි කිරීමක්ද මෙහි ඇතුලත් වේ.)
  8. මාර්ග ඵල ඥානය අංග අටකින් යුක්තයැයි කියන්නේ ඇයි?
  9. ධර්ම කරුණු අතර අන්තර් සම්බන්ධ තාවය පැහැදිලි නැතිවිට එය ඇතිකර ගන්නේ කෙසේද?
  10. අප සිදුකරන කුසලයන් ගැන සිහි කිරීම භව තණ්හාව වැඩීමක් වෙනවාද?
  11. වෛද්‍ය සේවාවේදී ජීවිත බේරා ගැනීම ප්‍රඥා පාරමිතාවේ අංගයක් වේද? ***
  12. බෝසත්වරුන් තම ප්‍රඥා පාරමිතාව ආත්මයෙන් ආත්මයට ගෙන යාමට අවශ්‍ය ශක්තිය ජනනය කරන්නේ මෙලෙසින්ද? *** (බෝසත්වරුන් තම ප්‍රඥා පාරමිතාව /බෝසත්වරුන්ගේ සංසාරික දැක්ම දියුණු කරන ආකාරය පිළිබඳව අපගේ ජීවිතයට සම්බන්ධ උදාහරණයක් සමගින් සිදු කෙරෙන වටිනා පැහැදිලි කිරීමකි.) 
  13. තෙවන සිල්පදය කැඩෙන්නට සම්පුර්ණ වියයුතු කරුණු මොනවාද?
  14. පින සහ කුසලය යනු දෙකක්ද?
  15. කේන්දර බැලීම පිළිබඳව සහ කර්මය වෙනස් කර ගැනීම පිළිබඳව පැහැදිලි කරන්න.
  16. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.