චිත්ත භාවනාව – Saturday Dhamma Discussion – 74 (06-08-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 74 (අකුසල විපාක යටපත් කරන ක්‍රම: 05 – ලෝණඵල සූත්‍රය) 06-08-2022

චිත්ත භාවනාව Saturday Dhamma Discussion – 74 was conducted on 06 August 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 74 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හැත්තෑ හතර වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 අගෝස්තු මස 06 වන දින සිදුකරන ලදී.

ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙවර සජීවී ධර්ම සාකච්ඡා වැඩසටහනේ දී චිත්ත භාවනාව සහ චිත්ත භාවනාව ප්‍රගුණ කිරීම තුලින් අකුසල විපාක යටපත් වෙන ආකාරය පිළිබඳව ලෝණඵල සූත්‍රය පාදක කොට දේශනා කල සේක.  මෙහිදී චිත්තානුපස්සනාව, සමථය සහ සමථ භාවනාවේ ඇති වෙනස්කම් මැනවින් විස්තර කල සේක.  එමෙන්ම ධර්ම සාකච්ඡාවේදී චිත්තානුපස්සනාවේ නොයෙක් ප්‍රායෝගික පැතිකඩ පිලිබඳ වටිනා කරුණු මතුවිණි.  

ත්‍රිපිටකයේ එම ලෝණඵල සූත්‍රය මෙතනින් කියවන්න: ලෝණඵල සූත්‍රය.


  1. චිත්ත භාවනාව පැහැදිලි කර එය වැඩීමෙන් අකුසල විපාක යටපත් වෙන ආකාරය පහදා දෙන්න. *** (චිත්ත භාවනාව යනු චිත්තානුපස්සනාව බවත් එය සමථය සහ සමථ භාවනාවෙන් වෙනස් වෙන ආකාරයත් එය වැඩීමෙන් අකුසල විපාක යටපත් වෙන ආකාරයත් පහදා දෙන වටිනා දේශනාවකි.) 
  2. රටේ පවතින අර්බුදකාරී තත්වය සමනය කිරීමට ඉදිරි පෝය තුනේදී සිදු කිරීමට යන සත්‍යක්‍රියාව සිදුකරන ආකාරය පිලිබඳ විස්තරය. ***
  3. චිත්තානුපස්සනාව ජීවිතයට ප්‍රායෝගිකව යොදා ගැනීමේ දී ජීවිතයේ ඇතිවන වෙනස්කම්. *** (චිත්තානුපස්සනා භාවනාව ගිහි ජීවිතයට ප්‍රායෝගිකව යොදා ගැනීමේ දී ජීවිතයේ ඇතිවන සමහර හිතවාදී වෙනස්කම් පිලිබඳ වටිනා ඉදිරිපත් කිරීමකි.)
  4. ද්වේෂ සිත සහ ලෝභ සිත අති වූ විට අනිත්‍ය ලක්‍ෂණය මෙනෙහි කිරීම තුලින් සිත සමනය කර ගැනීම. *** (ප්‍රායෝගික ජීවිතයේදී චිත්ත වේග පාලනය කර ගැනීමට යොදාගත් සමථ ක්‍රම පිලිබඳ අත්දැකීම් සහ ඒ ගැන ස්වාමින්වහන්සේගේ වටිනා උපදේශ ඉදිරිපත් කිරීමකි.)
  5. ආනාපානසති භාවනාවේදී අනිමිත්ත තත්වයකට සිත පත්වූ විට එය තුල තැන්පත් වීම සුදුසු ද? *** (අනිමිත්ත” තත්වයකට සිත පත්වූ විට යෝගවචරයෙක් සිදුකල යුතු ක්‍රියා මාර්ගය පිලිබඳ වටිනා පිළිතුරකි.)
  6. මහාසී භාවනා ක්‍රමය පිලිබඳ කියැවීමට වඩාත් සුදුසු පොත් මොනවාද? (මෙහිදී ගෞරවනීය ස්වාමින් වහන්සේ සඳහන් කල පොත් වල pdf පිටපත් පහතින් ඉදිරිපත් කරනෙමු. ඒවා බාගත කිරීමට යොමුවන් මත click කරන්න. 01. විපස්සනා භාවනා ක්‍රමය – මහාසී සයාඩෝ හිමි නාඋයනේ අරියධම්ම හිමි.pdf 02. සතිපට්ඨාන භාවනා ක්‍රමය – රේරුකානේ චන්දවිමල නා හිමි.pdf. 03. විදර්ශනා භාවනා ක්‍රමය – රේරුකානේ චන්දවිමල නා හිමි.pdf.)
  7. අනිත්‍ය බැලීමේදී වඩා සුදුසු වන්නේ පංච උපාදානස්ඛන්ධ වල අනිත්‍ය නොවේද? *** (වටිනා මූලධර්ම පිළිතුරකි.)
  8. දුක අවම කරගැනීමේ මේ පිළිවෙත ගැන පැහැදිලි කිරීමක් කරන්න. 
  9. අරමුණ තීරණය කරන්නේ සන්තීරනයෙන් ද වොත්තපනයෙන් ද?
  10. සත්‍යක්‍රියාවක් කිරීමේදී දුර්ගුණ හෝ බුදුගුණ යොදා ගැනීමට හැකි වේද? *** (සත්‍යක්‍රියා පිලිබඳ වටිනා පැහැදිලි කිරීමකි.)
  11. ඇතිවී නැති වන දෙයක් ලෙස වෛද්‍ය විද්‍යාවෙන් ඇතිවන විශ්ව උදාහරණය.
  12. දහම ඇසීමට වාසනාවත්, දහම් මග පුහුණු කිරීමේ සංසාරික පුරුද්දක් තිබීමේත් ඇති වැදගත්කම.
  13. සමථයෙන් විදර්ශනාවට පිවිසෙනවා කියන්නේ කුමක්ද?
  14. සත්වයන්ගේ ජීවිත සුරැකීම පාදක කරගෙන සත්‍යක්‍රියාව සාර්ථකව සිදුකල හැකිද? ***
  15. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.