
Image by 愚木混株 Cdd20 from Pixabay
සොඳුරු හුදකලාව – ලොමසකඞ්ගිය භද්දේකරත්ත සූත්‍රය යන මෙම ධර්ම දේශනය නිවන්මග පුහුණු කරන අයට බොහෝ ප්‍රයෝගික වටිනාකමක් ඇති දේශනයකි. වර්ෂ 2022 වෙසක් පොහෝ දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල මෙම දේශනාවේදී පහත සඳහන් මුලික කරුණු මනාව පැහැදිලි කෙරේ.
- බුදුරජාණන් වහන්සේ දේශනා කල නිවන් මගට අවශ්‍ය හුදකලා බව කුමක්ද?
- අතීතය සහ අනාගතය ගැන සිත නොපවත්වනවා යන්නෙහි තේරුම කුමක්දැයි අපගේ එදිනෙදා ජීවිත තුලින් ගත් උදාහරණ වලින් මානාව පැහැදිලි කිරීම.
- වර්තමානයේ සිත පැවැත්විය යුත්තේ කෙසේද?
- මරණානුස්සතිය නියම ආකාරයෙන් වැඩිය යුත්තේ කෙසේද? සහ,
- නිවන් මගට අවශ්‍ය සතිය සහ සම්පජඤ්ඤය වැඩිය යුතු ආකාරය යනාදී වටිනා කරුණු රැසක් පැහැදිලි කෙරේ.
“සොඳුරු හුදකලාව – ලොමසකඞ්ගිය භද්දේකරත්ත සූත්‍රය” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, මජ්‌ඣිම නිකායේ, උපරි පන්නාසකයේ, විභඞ්‌ග වර්ගයේ එන ලොමසකඞ්ගිය භද්දේකරත්ත සූත්‍රයයි.
එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: https://pitaka.lk/main?n=20134
ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;