මහා රාහුලෝවාද සූත්‍රය. (23-02-2022)

The Statue of the Buddha at Sri Vinayalankaramaya Pokunuvita Sri Lanka

The Statue of the Buddha at Sri Vinayalankaramaya, Pokunuvita, Sri Lanka.

මහා රාහුලෝවාද සූත්‍රය පිලිබඳ අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සිදුකල මෙම දේශනාව වර්ථමානයේ භාවනා කරන බෞද්ධයන් හට ඉතාමත් වැදගත් වන්නේ ප්‍රධාන කරුණු දෙකක් හේතුවෙන් වේ.

  1. වර්ථමාන භාවනා ලෝකයේ විපස්සනා යානික සහ සමථ යානික යනුවෙන් ඇතිව පවතින දැඩි භේදයක් පවතින බව පෙනී යන කරුණකි.  එම භේදයේ ප්‍රමාණය පැහැදිලි වන්නේ ඇතැම් වර්ථමාන විපස්සනා භාවනා ආචාර්යවරුන් කරන ”මෛත්‍රෙය හෝ කරුණාව හෝ මම උගන්වන්නේ නැහැ” වැනි දැඩි ප්‍රකාශ වලිනි. එනමුත් අපගේ ගුරු වූ බුදුරජාණන් වහන්සේ මහා රාහුලෝවාද සූත්‍රය තුලින් විපස්සනා සහ සමථ භාවනාවන් සමූහයක් එකට එකතු කරමින් ඉතාම වටිනා භාවනා මගක් හෙලි දැක්වූ සේක.  එම සමබර මග මෙම දේශනාවේදී මනාව පැහැදිලි කෙරේ.
  2. එමෙන්ම අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මහා රාහුලෝවාද සූත්‍රය තුලින් ආනාපානසති භාවනාවෙන් මහත් ඵල මහානිසන්ස ලබාගත හැකි ක්‍රමයක් දේශනා කල සේක.  එම ක්‍රමය එසේ වන්නේ කෙලෙස දැයි මෙම දේශනාවෙන් මනාව පැහැදිලි කෙරේ.

“මහා රාහුලෝවාද සූත්‍රය” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.

“මහා රාහුලෝවාද සූත්‍රය” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, මජ්‌ඣිම නිකායේ, මජ්ඣිම පන්නාසකයේ භික්ඛු වර්ගයේ ඇති මහා රාහුලෝවාද සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: මහා රාහුලෝවාද සූත්‍රය.

මෙම මහඟු ධර්ම දානය, අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් වර්ෂ 2022 පෙබරවාරි 23 දින සියස රූපවාහිනියෙන් සිදුකරන ලදී.

One thought on “මහා රාහුලෝවාද සූත්‍රය. (23-02-2022)

  1. Lot of merit to Mr Aruna for bringing these valuable Dhamma to us. May Noble Triple Gem bless you always.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.