පටිපදා සුත්‍රයන්ගෙන් හෙළිදැක්වෙන දහම් කරුණු. (11-09-2021)

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.

පටිපදා සුත්‍රයන්ගෙන් හෙළිදැක්වෙන දහම් කරුණු පිලිබඳ මෙම ධර්ම දේශනාව ඉතා වැදගත් මාතෘකාවක් වන්නේය.  මෙම පටිපද සූත්‍ර තුලින් නිවන් දැකීම සඳහා කටයුතු කරන අයගේ හැකියාවන් සහ දුබලකම් හේතුකොට ගෙන ඔවුන් ගමන් කරන ප්‍රතිපදා හතරක් අපට පැහැදිලි කෙරේ.

ඒවානම්;

1. දුක් සහිත වූ දිගු කලකින් ප්‍රතිපල ලැබෙන ප්‍රතිපදාව.
2. දුක් සහිත වූ කෙටි කලකින් ප්‍රතිපල ලැබෙන ප්‍රතිපදාව.
3. සුඛ සහගත වූ දිගු කලකින් ප්‍රතිපල ලැබෙන ප්‍රතිපදාව.
4. සුඛ සහගත වූ කෙටි කලකින් ප්‍රතිපල ලැබෙන ප්‍රතිපදාව.

මෙම ප්‍රතිපදා වල වෙනස්කම් ඇතිවීමට හේතු වන හැකියාවන් සහ දුබලකම් මෙම ධර්ම දේශනාවෙන මනාකොට පැහැදිලි කෙරෙන බැවින් එය දහම් මග ගමන්කරන අයට බොහෝ වටිනා වේ.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ අඞ්‌ගුත්‌තර නිකායේ, චතුක්ක නිපාතයේ පතිපදා වර්ගයේ පළමු ප්‍රතිපදා සූත්‍රයන් තුන වේ. එම සූත්‍රයන් ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න;

  1. පළමු ප්‍රතිපදා සූත්‍රය.
  2. දෙවන ප්‍රතිපදා සූත්‍රය.
  3. තෙවන ප්‍රතිපදා සූත්‍රය.

“පටිපදා සුත්‍රයන්ගෙන් හෙළිදැක්වෙන දහම් කරුණු” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.

“පටිපදා සුත්‍රයන්ගෙන් හෙළිදැක්වෙන දහම් කරුණු” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 සැප්තැම්බර් මස 11 දින සියස රූපවාහිනියෙන් සිදුකරන ලදී.  මෙම මහඟු ධර්ම දානය, වර්ෂ 2020 සැප්තැම්බර් මස 08 දිනයේ දී පරලොව සැපත් ගුණවතී අබේනායක මෑණියන්ගේ වර්ෂ පූර්ණ වීම හේතුකොට ගෙන තම මෑණියන්ට පිං පිණිස දයාබර පුත් රංග අබේනායක ඇතුළු පවුලේ සියළුදෙනා විසින් සිදුකරන ලදී.


ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.