සතිය ඉන්ද්රිය ධර්මයක් ලෙස පුහුණු කිරීම යන මෙම ධර්ම දේශනාව ඉතාම වැදගත්වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කල සතිය නිවන් දැකීම පිණිස දියුණු කරන ආකාරය මෙම දේශනාවේ මනාව ඉදිරිපත්කර ඇති නිසා වෙනි.
සතිය පිළිබඳව බොහෝ උනන්දුවක් ඇති මෙම කාලයේ ඒ පිළිබඳව විවිධ විග්රහයන් පවතින නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කල සතිය ගැන පැහැදිලි වැටහීමක් ඇතිකර ගැනීම අපට ඉතා වටිනා වේ.
මෙම දේශනාවේදී නිවන් මග වැඩීම සඳහා සතිය වැඩි දියුණු කල යුත්තේ විවේකය, විරාගය, නිරෝධය සහ නිවන කරා නැමුණු සද්ධින්ද්රිය වැදීමෙන් බව මානව පැහැදිලි කෙරේ.
“සතිය ඉන්ද්රිය ධර්මයක් ලෙස පුහුණු කිරීම” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ, සංයුත්ත නිකායේ, සළායතන වර්ගයේ, අසඞ්ඛත සංයුක්තයේ එන සතින්ද්රිය සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න. එය මෙම යොමුවේ ඇති අසංඛත සූත්‍ර වල 23 වෙනි සූත්‍රයයි: සතින්ද්රිය සූත්‍රය.
මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ඔක්තෝබර් මස 06 දින සියස රූපවාහිනියෙන් සිදුකරන ලදී. මෙම මහඟු ධර්ම දානය, මාතර හිත්තටියේ පදිංචි වෛද්‍ය නිලුකා මදරසිංහ මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් පරලොව සැපත් අතුල මදරසිංහ පියාණන් සහ මියගිය සියළු ඥාතීන් හට පිං පිණිස සිදුකරන ලදී.