ලෝක ධර්මතා අවබෝධය තුළින් මානසික සුවය. (30-10-2021)

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.

ලෝක ධර්මතා අවබෝධය තුළින් මානසික සුවය පිළිබඳව වූ මෙම ධර්ම දේශනාව ඉතාම වටිනා ප්‍රයෝගික වැදගත් කමකින් යුක්ත වන්නේ එම දේශනාව තුලින් බුද්ධ ධර්මයේ ඇති සමථ හරය අපගේ ජීවිත වල පැවැත්ම සහ නැවැත්ම කෙරේ යොදාගන්න ආකාරය ඉතා මැනැවින් ඉදිරිපත්කර ඇති බැවිනි.  එමෙන්ම දැනටමත් ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ට වී ඇති අයට මෙම දේශනාව තුලින් බුදුදහම සහ ජීවිතයේ අන්තර් සම්බන්ධතාවයන් පිළිබඳව මනාව පැහැදිලි වෙනු ඇත.

“ලෝක ධර්මතා අවබෝධය තුළින් මානසික සුවය” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.

“ලෝක ධර්මතා අවබෝධය තුළින් මානසික සුවය” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ අඞ්‌ගුත්‌තර නිකායේ, අට්ඨක නිපාතයේ පළමුවැනි ලෝකධම්‌ම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: පළමුවැනි ලෝකධම්‌ම සූත්‍රය.

මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ඔක්තෝබර් මස 30 දින සියස රූපවාහිනියෙන් සිදුකරන ලදී.
මෙම මහඟු ධර්ම දානය, කොවිඩ් උවදුරින් වර්ෂ 2021 දී මියගිය ඩේවිඩ් කිරිඇල්ල මහතාට පින් පිණිස කේ. එන්. දුෂ්‍යන්ති මහත්මියගේ හිතමිත්‍රාදීන් විසින් සිදු කරන ලදී.


ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.