ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.

මෙම ධර්ම දේශනාව “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” යන ප්‍රසිද්ධ ගාථා රත්නය පාදක කොට බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහා විහාරයේදී වස්සාන දේශනාවක් ලෙස අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් කෝවිඩ් වසංගතයේ ආරම්භක සමයේදී සිදු කරන ලදී.

“ධර්මයේ හැසිරෙන්නා දහම විසින් ආරක්ෂා කරයි” යන බුද්ධ වචනය පිලිබඳ වර්තමානයේ බොහෝ දෙනා සැක පහල කරති.  එයට හේතුවන්නේ දහම් න්‍යාය පිලිබඳ දැනුම අඩු බව සහ ධම්මානු ධම්ම ප්‍රතිපදාව පුහුණු කිරීමේ ඇති දුබල තාවයන් වේ.  ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ ඉදිරියට දියුණු වීමට නම් එම මාර්ගය පිලිබඳ පැහැදිලි වැටහීමක් ඇතිකරගත යුතුවේ.

දහමින් ලැබෙන ආරක්ෂාව කුමක්ද සහ එම ආරක්ෂාව ලබන්නේ කෙසේද යන්න පැහැදිලි කෙරෙන මෙම දේශනාව ඉතා කාලෝචිත වේ.

“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.

“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

මෙම ධර්ම දේශනාවට පාදක වූ ඛුද්‌දක නිකායේ, ථේර ගාථා පාළියේ, චතුක්ක නිපාතයේ එන ධම්මික ථෙර ගාථා වල පළමුවන ගාථා රත්නයයි.  එම ගාථාව ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න:  ධම්මික ථෙර ගාථා.

මෙම මහඟු ධර්ම දානයහි දායකත්වය දයාන් වන්නිආරච්චි මහතා ඇතුළු දායක පිරිස විසින් දරන ලදී.


ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.