සියල්ලට සිත පෙරටු වන ආකාරය. (26-09-2023)

සියල්ලට සිත පෙරටු වන ආකාරය. (26-09-2023)

සියල්ලට සිත පෙරටු වන ආකාරය. (26-09-2023)

සියල්ලට සිත පෙරටු වන ආකාරය පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාව සියළු බෞද්ධයන් හට ඉතා වටිනා ධර්ම දේශනාවකි.  ධම්මපදයේ පළමු ගාථා රත්නයන් දෙක පැහැදිලි කරමින් සිදු කෙරුණු මෙම ධර්ම දේශනාව වැදගත් වන්නේ සතිය සහ සම්පජඤ්ඤය මූලික කොට ගෙන චිත්ත පාරිශුද්ධිය ඇතිකර ගන්නා අයුරුත් සහ එය නොකර ගැනීමේ අනිටු ඵලයනුත් මනා කොට පැහැදිලි කෙරෙන බැවිනි. 

අප විසින් සිදුකරන සියළු කුසල් සහ අකුසල් කර්ම වලට මනස මූලික වෙන ආකාරයත්, මනස කිලිටි නොවී පවත්වා ගැනීමේ අවශ්‍යතාවය දන්නා වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සිහි නුවනින් යුතුව ඉන්ද්‍රියන් සංවර කරගෙන නිරන්තර චිත්ත භාවනාවකින් පවතින බවත් මෙහි දී පැහැදිලි කෙරේ.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ධම්ම පදයේ යමක වර්‍ගයේ එන පළමු ගාථා දෙකයි.  එම ගාථා රත්නයන් සහ එහි නිධාන කථා ධම්මපදයෙන් මෙතනින් කියවන්න;

  1. ශුෂ්කවිදර්‍ශකක්‍ෂීණාශ්‍රව චක්ඛුපාල ස්ථවිරයන් වහන්සේ.
  2. මට්ටකුණ්ඩලීදිව්‍යපුත්‍රයා.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.