විජ්ජාචරණ ගුණය. (27-07-2023)

විජ්ජාචරණ ගුණය. (27-07-2023)

විජ්ජාචරණ ගුණය. (27-07-2023)

නවඅරහාදී බුදු ගුණ වල සඳහන් විජ්ජාචරණ ගුණය පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාව බෞද්ධ අපට වැදගත් වන්නේ විජ්ජාචරණ ගුණය බුද්ධ ගුණයක් මෙන්ම ශ්‍රාවක ගුණයක් ද වෙන බැවිනි. 

සියලු ම ආර්‍ය්‍ය ශ්‍රාවකයන්ට යම් යම් ප්‍රමාණයෙන් විජ්ජාචරණ ගුණය ඇත්තේ ය.  එම ගුණය නිවන් දැකීමේ දී නිවැරදි මග තෝරා ගනිමින් යම් යම් ප්‍රමාණ වලින් සුවිශේෂීය හැකියාවන් දියුණු කරමින් ඇතිවෙන ගුණයකි.  මෙම දේශනාවේ දී එම විජ්ජාචරණ ගුණය යනු කුමක් ද සහ බුදු රජාණන් වහන්සේලාගේ සහ ආර්‍ය්‍ය ශ්‍රාවකයන් ගේ එම ගුණ වල ඇති වෙනස් කම් පහදා දීම සිදු කෙරේ.

අරහත් මාර්ග සංඛ්‍යාත ආර්‍ය්‍ය විද්‍යාව නොලබා, කාමාදි ආශ්‍රවයන් ක්‍ෂය නොකොට, නිවනට නො පැමිණිය හැකිය.  නිවනට පූර්වභාග ප්‍රතිපත්තිය වූ චරණ සම්පත්තියෙන් තොරව ඒ විද්‍යාව නො ලැබිය හැකිය.  එබැවින් නිවනට පැමිණ දුක් කෙළවර කරනු කැමති සෑම බෞධයන් විසින් ම මෙම විජ්ජාචරණ ගුණය සම්පාදනය කළ යුතුම ය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.