පංච උපාදානස්කන්ධ සහ උපාදානයන්ගෙන් නිදහස් වෙන මග. (26-10-2023)

පංච උපාදානස්කන්ධ සහ උපාදානයන්ගෙන් නිදහස් වෙන මග. (26-10-2023)

පංච උපාදානස්කන්ධ සහ උපාදානයන්ගෙන් නිදහස් වෙන මග. (26-10-2023)

පංච උපාදානස්කන්ධ සහ උපාදානයන්ගෙන් නිදහස් වෙන මග පිළිබඳව ඉතා ප්‍රායෝගික වටිනාකමකින් යුතු ධර්ම දේශනාවක් අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් දායක නිවසක දී සිදුකරන ලදී.  එම ධර්ම දේශනාව සුවිශේෂී ලෙස වැදගත් වන්නේ පංච උපාදානස්කන්ධ යනු මොනවාදැයි සරළ ලෙස පැහැදිලි කිරීමත් එම උපාදානයන්ගෙන් නිදහස් වෙන මාර්ගය පුහුණු කරන ආකාරය ප්‍රායෝගික උදාහරණ තුලින් පැහැදිලි කිරීමත් නිසාවෙනි.

මෙහි දී උපාදානයන්ගෙන් නිදහස් වීම සඳහා දියුණු කල යුතු හැකියාවන් පැහැදිලි කෙරේ.  සටහන් සහ ආකාර වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාව දියුණු කිරීම එහිදී වැදගත් වෙන එක් හැකියාවකි.  එමෙන්ම සතිය සහ සම්පජඤ්ඤය දියුණු කරමින් දකින, දැනෙන, අසන, ඇසෙන සිතන, අනාගත උපකල්පන ගැන අපගේ සිතේ ඇතිවෙන සිතුවිලි වල ස්වභාවය ඒ මොහොතේම උපාදානයෙන් තොරව කුසල මූලිකව හඳුනා ගැනීමේ හැකියාව දියුණු කිරීම එවැනි තවත් හැකියාවකි.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සංයුත්‌ත නිකායේ, ඛන්ධ වර්ගයේ, ඛන්ධ සංයුක්තයේ, උපය වර්ගයේ එන උපාදාන පරිවත්‌ත සූත්‍රයයි.  එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: උපාදාන පරිවත්‌ත සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.