Dayaka Dhamma Talks – 08, මෙහි අටවන පිටුව වේ. එක පිටුවක දේශනා 25ක් දක්වා ඇත. ඉදිරියට සහ පසුපසට යාමට පිටුවේ ඉහල සහ පහල ඇති යොමුවන් භාවිතා කරන්න.
Dayaka Dhamma Talks are conducted by Ven. Kukulpane Sudassi Thero for various Dayakas. These are conducted at Sri Vinayalankararamaya, Pokunuwita or elsewhere in the country.
මෙම දායකත්ව ධර්ම දේශනා, පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාමයේදී හෝ ශ්‍රී ලංකාවේ නොයෙකුත් ස්ථානයන් හීදී දේශනා කල වටිනා දහම් කරුණු වේ.
- ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව වංචක ධර්ම ලෙස ක්‍රියාත්මක වෙන ආකාරය. (01-07-2023): ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව වංචක ධර්ම ලෙස ක්‍රියාත්මක වෙන ආකාරය පිලිබඳ මෙම ධර්ම දේශනාව අපට ඉතා වටිනා වේ. අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනියෙන් සිදුකල මෙම දේශනාව තුලින් අරමුණු වල ගැටීම නිසා ඉතා සුක්‍ෂම ආකාරයට වංචක ධර්මයන් ඇතිවෙන ආකාරයත්, එවැනි වංචක ධර්ම ගැන දැන ගැනීම පවා බොහෝ අපහසු විය හැකි ආකාරයත් මෙහි පැහැදිලි කෙරේ. එමෙන්ම අරමුණු වල ගැටීමෙන් ඇතිවෙන නොයෙකුත් කෙලෙස් වෙන ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, භීතිය, ශෝකය සහ පසුතැවීම වැනි මානසික තත්වයන් මෙහි දී පැහැදිලි කෙරේ. මෙම දේශනාවේ විශේෂ වටිනා කමක් වන්නේ එසේ අරමුණු වල ගැටීමෙන් ඇතිවෙන මානසික තත්වයන් ක්‍රියාත්මක නොවෙන සහ මනසේ ඇති නොවන ආකාරයට සිත දියුණු කරන ආකාරය පහදා දෙන බැවිනි.
“ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව වංචක ධර්ම ලෙස ක්‍රියාත්මක වෙන ආකාරය” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
- බෞද්ධයෙකු විසින් අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු ආර්‍ය් අෂ්ඨාංගික මාර්ගය (18-07-2023): අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදු කෙරුණු බෞද්ධයෙකු විසින් අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු ආර්‍ය් අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව පැහැදිලි කෙරේ. ආර්‍ය් අෂ්ඨාංගික මාර්ගය යනු කුමක් ද සහ එම මාර්ගය දියුණු කලයුත්තේ කෙසේද යන මූලික කරුණු මෙහිදී පැහැදිලි කෙරේ.
“බෞද්ධයෙකු විසින් අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු ආර්‍ය් අෂ්ඨාංගික මාර්ගය” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න. - ප්‍රථම ප්‍රතිපදා සූත්‍රයෙන් පෙන්වන දහම් මග. (27-07-2023): එදිනෙදා ජීවිතය අප ගත කරන, පුහුණු කරන අකාරය අනුව අප නිවන් දැකීම සඳහා දියුණු කල යුතූ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ආකාර හතරක් දැක්වෙන ප්‍රථම ප්‍රතිපදා සූත්‍රයෙන් වටිනා දහමක් පෙනුම් කෙරේ. අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ කුරුණෑගල අරියධම්ම සෙනසුණේ දී සිදුකල මෙම ධර්ම දේශනාව විශේෂයෙන්ම වැදගත් වෙන තවත් කරුණක් වන්නේ එහි දී ආර්ය මාර්ගයේ සිදුවිය යුතු වර්ධනය බොහෝ දෙනාගේ සිදු නොවන්නේ ජීවිතයේ කුමන හේතුන් නිසාවෙන් දැයි පැහැදිලි කෙරෙන බැවිනි.
“ප්‍රථම ප්‍රතිපදා සූත්‍රයෙන් පෙන්වන දහම් මග” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
- විජ්ජාචරණ ගුණය. (27-07-2023): නවඅරහාදී බුදු ගුණ වල සදහන් විජ්ජාචරණ ගුණය පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාව බෞද්ධ අපට වැදගත් වන්නේ විජ්ජාචරණ ගුණය බුද්ධ ගුණයක් මෙන්ම ශ්‍රාවක ගුණයක් ද වෙන බැවිනි. සියලු ම ආර්‍ය්‍ය ශ්‍රාවකයන්ට යම් යම් ප්‍රමාණයෙන් විජ්ජාචරණ ගුණය ඇත්තේ ය. එම ගුණය නිවන් දැකීමේ දී නිවැරදි මග තෝරා ගනිමින් යම් යම් ප්‍රමාණ වලින් සුවිශේෂීය හැකියාවන් දියුණු කරමින් ඇතිවෙන ගුණයකි. මෙම දේශනාවේ දී එම විජ්ජාචරණ ගුණය යනු කුමක් ද සහ බුදු රජාණන් වහන්සේලාගේ සහ ආර්‍ය්‍ය ශ්‍රාවකයන් ගේ එම ගුණ වල ඇති වෙනස් කම් පහදා දීම සිදු කෙරේ.
“විජ්ජාචරණ ගුණය” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
- විදර්ශනා භාවනාව (09-08-2023): විදර්ශනා භාවනාව පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාව භාවනා මාර්ගය පිලිබඳ ඉතා වටිනා ධර්ම දේශනාවකි. මෙහිදී සමථ භාවනාවෙන් විදර්ශනා භාවනාව වෙනස් වෙන ආකාරය, විදර්ශනා භාවනාව වඩනා ආකාරය සහ කෙලෙස් ප්‍රහාණය සඳහා එහි ඇති අත්‍යවශ්‍යතාවය පැහැදිලි කෙරේ.
“විදර්ශනා භාවනාව” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න. - නිර්වාණ අවබෝධය සඳහා හේතු, අහේතු සහ පාරමිතාවන්. (12-08-2023): නිර්වාණ අවබෝධය සඳහා හේතු, අහේතු සහ පාරමිතාවන් යන ධර්ම දේශනාව කිහිප වතාවක් ශ්‍රවණය කල යුතු විශිෂ්ට දේශනාවකි. නිවන් සාක්‍ෂාත් කර ගැනීමට බොහෝ බෞධයින් තුල ඕනෑකමක් පවතී. ඇතැමෙකුට මේ උප්පත්තියේ දී ම නිවන් සාක්‍ෂාත් කර ගැනීමට ඕනෑකමක් තිබුනා වුවත් ඒ සඳහා දියුණු කර ගත යුතු කරුණු සහ නිවනට බාධා වෙන කරුණු පිලිබඳ බොහෝ දෙනෙකුට මනා අවබෝධයක් නොමැති බව මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ දී පැහැදිලි වේ. බොහෝ දෙනා තුල මුලික කරුණු වන දානය, ශීලය, නෙක්ඛම්මය පිළිබඳව පවා නිවැරදි වැටහීමක් නොමැති බව මෙහි දී තෙරේ.
අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාවෙන් පාරමිතා සහ බෝධි පාක්ෂික ධර්ම යනාදිය හොඳින් ඉගෙන ගැනීමේ වටිනා කමත් එවා නිවන් අවබෝධය සඳහා හේතු වෙන ආකාරයට ප්‍රගුණ කිරීමේ අත්‍යාවශ්‍ය බවත් පැහැදිලි වේ.
මෙම වටිනා ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
- චිත්තානුපස්සනාවේ ප්‍රායෝගික සහ ආධ්‍යාත්මික වටිනාකම. (16-08-2023): චිත්තානුපස්සනාවේ ප්‍රායෝගික සහ ආධ්‍යාත්මික වටිනාකම පිලිබඳ මෙම ඉතා වටිනා ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් පානදුර නල්ලොරුවේ, නිග්‍රෝධාරාමයේ දී සිදු කරන ලදී. මෙම දේශනාවේ සුවිශේෂී වැදගත්කමක් වන්නේ අප බොහෝ දෙනා විදර්ශනා භාවනාවක් වෙන චිත්තානුපස්සනාව නොදැනුවත්කම තුලින් සමථ භාවනාවක් වශයෙන් එය පුහුණු කිරීමට උත්සහ ගන්නා බව පේනවා දෙන බැවිනි. මෙම වටිනා ධර්ම දේශනාව සචිත්‌ත සූත්‍රය ඇසුරු කොට තමන්ගේ සිත වැඩ කරන අකාරය මනාකොට තේරුම් ගැනීමේ වටිනාකම ප්‍රායෝගික උදාහරණ තුලින් පෙන්වන ධර්ම දේශනාවකි.
“චිත්තානු පස්සනාවේ ප්‍රායෝගික සහ ආධ්‍යාත්මික වටිනාකම” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
- කර්මය ඇතුලු නියාමන ධර්ම මිනිස් ජීවිතයට බලපාන අකාරය. (17-08-2023): කර්මය ඇතුලු නියාමන ධර්ම මිනිස් ජීවිතයට බලපාන අකාරය පිලිබඳ මෙම ධර්ම දේශනාව බොහෝ බෞධයන්ට වැදගත් දේශනාවකි. කර්මය නිසා සියල්ල සිදුවේ යැයි වැරදි ලෙස විශ්වාස කිරීම නිසා ඇති වෙන අන්තගාමී තත්වය මෙහි දී පැහැදිලි කෙරෙන්නේ වටිනා ආකාරයෙනි. එමෙන්ම සිත සහ අනෙකුත් නියාමන ධර්ම කෙරෙහිද එසේ ඇතිවෙන වැරදි ආකල්පයන් පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනියේ සිදුකල මෙම දේශනාවෙන් පැහැදිලි කෙරේ. බුදුරජාණන් වහන්සේ විසින් විශ්වයේ පවතින හේතු ඵල විශ්ව නියාම ධර්මයන් මෙසේ උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම සහ චිත්ත නියාම වශයෙන් ඒවායේ ක්‍රියාකාරීත්ව ස්වභාවයන් දැන ගැනීම අපට වැදගත් වන්නේ කුමන හේතුන් නිසා දැයි මෙහි දී පැහැදිලි වේ.
මෙම වටිනා ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
- සිත රැකගෙන කටයුතු කිරීම. (20-08-2023): සිත රැකගෙන කටයුතු කිරීම පිලිබඳ අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනියෙන් සිදුකල මෙම ධර්ම දේශනාව මෑත දී අසන්නට ලැබුණු ඉතා විශිෂ්ඨ දේශනාවකි. මෙහි දී අපගේ සිත මෙහෙයවන ඇස්, කන් ආදී ඉන්ද්‍රිය ස්වභාවයෙන්ම බාහිරට යොමුවී පවතින නිසා බාහිරින් ඇතුලතට යොමු කරගැනීමේ කණ්ණාඩියේ උදාහරණයට අනුගතව සතිය සහ සම්පජඤ්ඤය දියුණු කිරීමේ අවශ්‍යතාවය ඉතා ප්‍රයෝගික ආකාරයෙන් පෙන්වා දේ.
එමෙන්ම ගෞරවනීය ස්වාමින්වහන්සේ භාවනාව සම්බන්ධයෙන් නිරතුරුව අවධාරණය කරන කරුණක් වන භාවනා අරමුණත්, එම අරමුණට ප්‍රතිචාරය දක්වන සිත පිළිබඳවත් දැනුවත් වීමේ අවශ්‍යතාවය අපගේ සිත් රැකගැනීමට ඉතා වැදගත් වන්නේ කුමන හේතූන් නිසා දැයි මෙහිදී පැහැදිලි වේ. මෙම ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කරන්නන් හට ඒ තුලින් නිතර පුහුණු කලයුතු භාවනා කමටහනක් මතුකර ගැනීමට හැකි වේ. එසේම මෙම දේශනාවේ දී මතු කෙරෙන කුඩා දරුවන් හට අවවාද දීමේ ක්‍රමවේදය, අපගේ සෑම වයසක දීම සිත රැකගෙන කටයුතු කිරීම පිළිබඳ වටිනා ප්‍රායෝගික උදහාරණයකි.
“සිත රැකගෙන කටයුතු කිරීම” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න. - සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව වඩන අයුරු (30-08-2023): සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව වඩන අයුරු පිලිබඳ පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාව සෑම බෞධයෙකුටම ඉතා වටිනා වන්නේ ඒ තුලින් සතිපට්ඨානය එදිනෙදා ජීවිතයේ දී ප්‍රායෝගිකව වඩනා ආකාරය පැහැදිලි කරන නිසාවෙනි. මෙම දේශනාව තුලින් ”සතිපට්ඨානය වැඩීම පසුවට කාලවේලාව ලැබුණු විට කරමි” යන බොහෝ දෙනා තුල පවතින පසුවට කල් තබන ස්වභාවය වෙනුවට එය අපගේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දී වඩනා, දියුණු කරනා භාවනාවක් ලෙස කරනා අකාරය පැහැදිලි කෙරේ.
“සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව වඩන අයුරු” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න. - උදයවය දැකීමේ නුවණ ඇතිකර ගන්නා අයුරු. (30-08-2023): උදයවය දැකීමේ නුවණ ඇතිකර ගන්නා අයුරු පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාව බොහෝ වටිනා ධර්ම දේශනාවකි. එහි දී අප වසර සියයක් ජීවත් වූවත් එයට වඩා උදයවය දැකීමේ නුවණ ඇතිකර ගෙන එක් දිනයක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ බව බුදු රජාණන් වහන්සේ දේශනා කල හේතුව පැහැදිලි කෙරේ. එමෙන්ම උදයවය දැකීමේ නුවණ කුමක් ද, එය ඇති කරගන්නේ කෙසේද සහ එම නුවන ඇතිකර ගැනීම අපට අපහසු වන්නේ මක්නිසා දැයි මෙහි දී පැහැදිලි කෙරේ.
“උදයවය දැකීමේ නුවණ ඇතිකර ගන්නා අයුරු” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න. - කිංසුකොපම සූත්‍රයෙන් දැක්වෙන වටිනා දහම. (30-08-2023): කිංසුකොපම සූත්‍රයෙන් දැක්වෙන වටිනා දහම පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාව ගිහි පැවිදි සියළු බෞද්ධයන් හට ඉතා වටිනා ධර්ම දේශනාවකි. අපගේ දැක්ම ඉතාම පිරිසිදු වෙන්නේ කෙසේදැයි බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමයේ සිටි එක් භික්ෂුන් වහන්සේ කෙනෙකු නොයෙකුත් රහතන් වහන්සේලාගෙන් විමසු පැනයක් හා සම්බන්ධ සිදුවීම් රැසක් තුලින් සෑම කාලයකම වෙසෙනා පැවිදි සහ ගිහි බෞධයන්ට ඉතා වැදගත් වෙන වටිනා දහමක් මෙම දේශනාවෙන් මතු කෙරේ. අපගේ දැක්ම ඉතාම පිරිසිදු කර ගැනීමට අප බොහෝ දෙනෙකු තුල කැමැත්තක්, ඕනෑකමක් යම් තරමකට හෝ තිබීය හැක. එමෙන්ම ඒ ගැන කරුණු දන්නා අයගෙන් ඉගෙන, විමසා දැනගැනීම ද අප කරනවා විය හැක. එනමුත් අපගේ දැක්ම ඉතා පිරිසිදු කර ගැනීමට එය ප්‍රමාණවත් නොවන්නේ කුමක් නිසා දැයි මෙහි දී මනා කොට පැහැදිලි කෙරේ.
“කිංසුකොපම සූත්‍රයෙන් දැක්වෙන වටිනා දහම” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
- නිවන ඉතා ස්වල්ප දෙනෙකුට පමණක් ලැබෙන හේතූන්. (17-09- 2023): නිවන ඉතා ස්වල්ප දෙනෙකුට පමණක් ලැබෙන හේතූන් පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් දේශනා කල මෙම ධර්ම දේශනාව ගිහි පැවිදි සෑම දෙනාටම වටිනා දේශනාවකි. පූජනීය ස්වාමින්වහන්සේගේ ඉතා වටිනා කල්‍යාණමිත්‍ර ගුරු දේවයන් වහන්සේ නමකගේ ගුණසැමරුමක් අරභයා සිදුකෙරුණු මෙම දේශනාව ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ සඳහන් ගාථා පාඨයක් පාදක කරගෙන සිදු කෙරිණි. අප ගිහි පැවිදි සැවොම නිවන් දැකීම සඳහා පුහුණු කලයුතු මාර්ගය වන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වූවත් නිවන ඉතා ස්වල්ප දෙනෙකුට පමණක් සාක්‍ෂාත් කර ගැනීමට හැකි වන්නක් බව බුදුරජාණන් වහන්සේ ඉහත ගාථා රත්නයෙන් පැහැදිලි කරන සේක. මෙම වටිනා ධර්ම දේශනාවෙන් එසේ නිවන ඉතා ස්වල්ප දෙනෙකුට පමණක් ලැබෙන්නට හේතු වෙන ප්‍රධාන කරනා තුනක් පිළිබඳව පැහැදිලි කෙරේ.
“නිවන ඉතා ස්වල්ප දෙනෙකුට පමණක් ලැබෙන හේතූන්” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.