යශෝදරාවන්ගේ සංසාරික ගමන් මග. (16-05-2023)

යශෝදරාවන්ගේ සංසාරික ගමන් මග. (16-05-2023)

යශෝදරාවන්ගේ සංසාරික ගමන් මග පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා විරල සහ වටිනා දේශනාවකි.  එසේ වන්නේ එම දේශනාව තුලින් බෝධිසත්වයෙකු සමග එක්වරට බුදුරජාණන් වහන්සේ නමක ගෙන් නියත විවරණ ලබන සුවිශේෂී කාන්තා චරිතයක සංසාරික ප්‍රගමනය විස්තරාත්මකව ඉදිරිපත් කෙරෙන බැවිනි.

බෝසත්වරයා සමග අතිශයින් දිගු කාලයක් එක්ව පැමිණීමට පෙර පටන් එවන් චරිතයක් කල්ප ගණනාවක් තිස්සේ ගුණ දහම් දියුණු කරමින් ස්වකීය ප්‍රාර්ථනාව සිද්ධි කර ගන්නා ආකාරය, බෝසත්වරයා සමග එක්ව යන සසර ගමනේ දී සිදුකරන අප්‍රමාණ කැප කිරීම් සහ ඒ තුලින් එම චරිතය පන්නරය ලබන ආකාරය යනාදී ඉතා විරල කරුණු මෙම ධර්ම දේශනාවේ ඇතුලත් වේ.  එම පුහුණු සිද්ධාන්තයන් සම්මා සම්බුදු බව පතන බෝධිසත්වයන්, අග්‍ර ශ්‍රාවක වැනි අනෙකුත් සුවිශේෂී චරිතයන් ගේ සංසාරික ගමන් මග වලට ද සාධාරණ වෙන සිද්ධාන්ත බැවින් මෙම දේශනාවේ වටිනා කම තවත් වැඩි වේ. 

විශේෂයෙන්ම එම ගුණයන් දියුණු කිරීම අනේක ප්‍රතිරෝධ මධ්‍යයේ ජීවිත තුල සිදු කරන ආකාරය අපට පැහැදිලි වීම තුලින් සාමාන්‍ය ස්වාමි භාර්යා ජීවිත හැඩ ගස්වා දියුණු කර ගැනීමට ද මේ දේශනය මහෝපකාරී වේ.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.