දුතීය ආඝාත පටිවිනය සූත්‍රය. (10-05-2023)

දුතීය ආඝාත පටිවිනය සූත්‍රය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව අපට එදිනෙදා ජීවිතයේදී බොහෝ ප්‍රයෝජනවත් වෙන්නේ එමගින් අපගේ වෛර, ක්‍රෝධ සිතුවිලි නැති කරගන්නා පහසු ක්‍රමවේදයක් පැහැදිලි කෙරෙන බැවිනි. සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් භික්‍ෂුන් වහන්සේලාට දේශනා කරන ලද මෙම සූත්‍රයෙන් යමෙකුගේ උපන්නාවූ ක්‍රෝධය සංසිඳීමේ සමථ මූලික ආකාර පහක් පිළිබඳව දේශනා කෙරේ. 

ගරු ස්වාමින්වහන්සේ ධර්ම විසින් දේශනාවේ මුලදීම අපට මැනවින් පහදා දෙන විශේෂ කරුණක් වන්නේ අප තුල කෙනෙක් කෙරේ ගැටීම හෝ ක්‍රෝධය ඇති වන්නේ ඒ පුද්ගලයාගේ හොඳ හෝ නරක හෝ ස්වභාවය මත නොවන බවයි. එය රඳා පවතින්නේ අප තුල ඒ පුද්ගලයා කෙරේ ඇතිවන සිතුවිලි, ආකල්ප මත බවයි. එම කරුණ අප විසින් තේරුම් ගත යුතු ඉතා වැදගත් කරුණකි. ඉන් පසුව එම මූලික පදනම මත පිහිටා, සූත්‍ර දේශනාවට අනුගතව විස්තර කෙරෙන ක්‍රෝධ සිතුවිලි නැති කරගන්නා පස් ආකාර ක්‍රමවේදය ද අපට ඉතා ප්‍රායෝගික ආකාරයෙන් පැහැදිලි වේ.

ප්‍රවෘත්ති, ජනමාධ්‍ය සහ කතාබස් කිරීමේ දී ගැටීම නිසා අප තුල ඇතිවෙන ද්වේශ, ක්‍රෝධ සහ වෛරී සිතුවිලි පහසුවෙන් සමනය කර ගැනීමට මෙම සමථ පුර්වංග ක්‍රමය මහත් සේ උපකාරී වේ.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ අඞ්‌ගුත්‌තර නිකායේ, පඤ්චක නිපාතයේ, ආඝාත වර්ගයේ එන දුතීය ආඝාත පටිවිනය සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: දුතීය ආඝාත පටිවිනය සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.