සප්ත බොජ්ඣංග ධර්ම. (24-11-2022)

සප්ත බොජ්ඣංග ධර්ම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව, බොජ්ඣංග ධර්ම පිලිබඳව මෑත කාලයේදී සිදුකල විශිෂ්ඨතම ධර්ම දේශනාවක් වන්නේ පහත සඳහන් හේතුන් නිසාවෙනි. 

  1. දේශකයාණන් වහන්සේ බොජ්ඣංග ධර්ම මොනවාද සහ එම ධර්ම වලට බොජ්ඣංග කියා කියන්නේ කුමන හේතුවක් නිසාවෙන් දැයි පැහැදිලි කිරීම පළමු බොජ්ඣංග ධර්මය වන සති සම්බොජ්ඣංගයෙන් ආරම්භ කරති.  වර්තමාන සමාජයේ සතිය පිළිබඳව ඇති ජනප්‍රිය අර්ථ දැක්වීම් විග්‍රහ කරමින් සහ සතිමත් බව පුහුණු කරනා ක්‍රම වේදයන් තුලින් අනායාස සතිමත් බවක් ඇති කරගන්නේ කෙසේ දැයි ඉතා අපූර්ව උදාහරණයක් ඇසුරු කරගනිමින් පැහැදිලි කෙරේ.  එමෙන්ම බුදුදහමේ දක්වන සතිය කුසල චෛතසිකයක් වන්නේ මන්ද සහ සති චෛතසිකය අකුසලයෙන් තොර වීමේ වැදගත්කම දහම් මග වැඩීමට අත්‍යවශ්‍ය වෙන ආකාරය මෙහිදී පැහැදිලි කෙරේ.
  2. දෙවනුව, නිවන් ලබා ගැනීම සඳහා එනම් බොජ්ඣංග ධර්මයක් වීම සඳහා එම අනායාස සතිමත් බව තව දුරටත් දියුණු කල යුත්තේ කෙසේදැයි යන්න දේශකයාණන් වහන්සේ පැහැදිලි කරන්නේ විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාම නිස්සිතව එම සතිය දියුණු කරන ආකාරය පැහැදිලි කිරීම තුලින් වේ.
  3. එම ආකාරයන් හතර පදනම් කර ගනිමින් අවශේෂ බොජ්ඣංග ධර්මයන් වන ධම්මවිචය, වීරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා සම්බොජ්ඣංගයන් මනා කොට විස්තර කෙරේ. 

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ සංයුක්ත නිකායේ, මහා වර්ගයේ, බොජ්ඣඞ්ග සංයුක්තයේ, පබ්‌බත වර්ගයේ එන භික්‌ෂූ සූත්‍රය වේ.  එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: භික්‌ෂූ සූත්‍රය.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.