මංගල සූත්‍රයෙහි දැක්වෙන තුන්වෙනි ගාථාව. (29-05-2022)

මංගල සූත්‍රයෙහි දැක්වෙන තුන්වෙනි ගාථාව පිළිබඳව වර්ෂ 2022 මැයි මස 29 වෙනි දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල මෙම ධර්ම දේශනාවේ වර්තමානයේ බෞධයන් හට බොහෝ වටිනාකමක් ඇති කරුණු රැසක් ඇතුලත් වේ. මෙම දේශනාවේ;

  1. මෙලොවත් පරලොවත් අර්ථසම්පන්න හෝ පරිහානියට හෝ පත්කරගැනීමට මූලික වෙන කරුණු තුන මොනවාද?
  2. මේ ජීවිතයේදී වීර්ය කල පමණින් ජීවිතය සාර්ථක වෙනවා යන දැක්ම සම්පුර්ණයෙන්ම නිවැරදිද?
  3. සංසාරයේ අප කුසල් සිදුකරගෙන තිබූ නිසා ජීවිතය සාර්ථක වෙනවා යන දැක්ම සම්පුර්ණයෙන්ම නිවැරදිද?
  4. ප්‍රයෝග සම්පත්තිය සහ ප්‍රයෝග විපත්තිය යනු කුමක්ද?
  5. අපගේ සිතුවිලි, වචන සහ ක්‍රියා හසුරුවන ආකාරයෙන් අපට සැප හෝ දුක ලංවීම පාලනය කරන්නේ කෙසේද?
  6. ජීවිතයක් සමබර වෙන්නට සංසාරික හේතු, පාරිසරික /සාමාජික හේතු සහ මානසික හේතු බලපාන්නේ කෙසේද?

යන වටිනා කරුණු ඇතුලත් වේ.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, ඛුද්‌දක නිකායේ, සුත්ත නිපාතයේ, චූල වර්ගයේ එන මහාමඞ්‌ගල සූත්‍රයයි.  එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: මහාමඞ්‌ගල සූත්‍රය.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.