දුක, මම, ලෝකය සහ අතරමං වීම. (16-01-2023)

දුක, මම, ලෝකය සහ අතරමං වීම යන මාතෘකාව ඇසුරු කර ගනිමින් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව සුවිශේෂ වැදගත් කමකින් යුතු වන්නේ පහත දැක්වෙන කරුණු නිසාවෙනි.

  1. එකිනෙකට සම්බන්ධයක් නොමැති සේ මතුපිටින් පෙනෙන මෙම කරුණු එනම් දුක, මම, ලෝකය සහ අතරමං වීම යන ඒවායේ ඇති අන්තර් සම්බන්ධතාවය සහ බැඳීම තේරුම් ගැනීම දුක නැති කරන ගමනේ යෙදී සිටින සැමට ඉතා වැදගත් කරුණු වේ.
  2. සියලු සංස්කාරයන්ගේ ඇති දුක්ඛ ලක්‍ෂණය වේදනාව තුලින් නොමැතිව ආර්ය දේශනාවේ දක්වා ඇති නිවැරදි ආකාරයෙන් පැහැදිලි කිරීම.
  3. දුකේ පැතිකඩ තුනක් වශයෙන් දුක්ඛ ලක්‍ෂණය, දුක්ඛ වේදනාව සහ දෝමනස්සය පිළිබඳව පැහැදිලි කිරීම.
  4. අනිත්‍ය නිවැරදිව තේරුම් ගැනීම සඳහා ප්‍රඥප්තියේ (පීරිසිය, අග්ගලා ගෙඩිය සහ මිනිසා වැනි ඝන සංඥා) අනිත්‍ය දැකීම පසුකර, නම රූප ධර්ම වල අනිත්‍ය දැකීමේ විපස්සනා නුවණ දියුණු කර ගැනීමේ අත්‍යවශ්‍යතාවය පැහැදිලි කිරීම.
  5. නිබ්බින්‍දති යන වචනයේ තේරුම නිවීමට සම්බන්ධ වෙන නිවැරදි ආකාරය පැහැදිලි කිරීම.
  6. නිබ්බින්‍දති යන වචනයේ තේරුම නිවීමට සම්බන්ධ වෙන ආකාරය පැහැදිලි කිරීම.
  7. ආර්ය දුක්ඛ ලක්‍ෂණය නොපෙනීම නිසා මම සහ ලෝකය යන සම්මුති තුල සත්වයා අතරමන් වෙන ආකාරය.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ධම්ම පදයේ මග්ග වර්‍ගයේ ඇති බොහෝ බෞධයන් අතර ප්‍රසිද්ධ ගාථා රත්නයකි. එම ගාථාව සහ නිධාන කථාව ධම්ම පදයෙන් මෙතනින් කියවන්න: අනිත්‍ය ලක්ෂණ පිළිබඳ කථා පුවත.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.