අරතිය දුරු කිරීම හා සතුටින් ගුණධර්ම වැඩීම. (17-07-2022)

Wat Pho Buddhist temple complex Bangkok, Thailand.

අරතිය දුරු කිරීම හා සතුටින් ගුණධර්ම වැඩීම පිලිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සියස රූපවාහිනිය තුලින් සිදු කරන ලද මෙම විශිෂ්ඨ ධර්ම දේශනාව, පහත සඳහන් සුවිශේෂ කරුණු නිසා ගිහි පැවිදි සෑම දෙනාටම වැදගත් වේ.

  1. සතුටින් ගුණධර්ම වඩනා මාර්ගය කෙසේද කියා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල ඉතා වටිනා සුත්‍රයක් වූ අරියවංස සූත්‍රයේ පාඨයක් අනුව පැහැදිලි කිරීම.
  2. අධි කුසල ධර්මයන් කෙරේ ඇතිවන මැලිකම හෙවත් අරතිය, දුරු කර ගැනීමේ වැදගත්කම දක්වමින් අරතිය ඇතිවෙන ආකාරයත් එයින් ගැලවෙන ආකාරයත් පැහැදිලි කිරීම.
  3. අරියවංස ප්‍රතිපදාවේ පිහිටීමෙන් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මනාලෙස දියුණුවෙන ආකාරය පැහැදිලි කිරීම.
  4. භාවනාරාමතාවය හෙවත් භාවනාවට කැමැත්ත ඇතිකරගන්නේ කෙසේදැයි සියුම් ලෙස පැහැදිලි කිරීම.
  5. සාමිස සතුට සහ නිරාමිස සතුට අතර වෙනස සහ නිරාමිස සතුට ලබා ගන්නා ආකාරය පැහැදිලි කිරීම.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, චතුක්ක නිපාතයේ, උරුවෙල වර්ගයේ ඇති අරියවංස සූත්‍රයයි.  ත්‍රිපිටකයේ එම අරියවංස සූත්‍රය මෙතනින් කියවන්න: අරියවංස සූත්‍රය.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.