අකුසල සමාපත්තියෙන් කුසල සමාපත්තියට.(11-09-2022)

අකුසල සමාපත්තියෙන් කුසල සමාපත්තියට සිත පරිවර්තනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම වටිනා ධර්ම දේශනාව වැදගත් වන්නේ;

  1. අකුසල සමාපත්තිය සහ කුසල සමාපත්තිය යනු කවරේද යන්න පැහැදිලි කිරීම.
  2. කුසල සහ අකුසල ජනිත වීමට බලපාන මූලික මනෝභාවයන් මොනවාදැයි පැහැදිලි කිරීම.
  3. කුසල සමාපත්තියට අප එළඹ සිටීමට ප්‍රගුණ කල යුතු ශ්‍රද්ධා, හිරි, ඔතප්ප, වීර්ය සහ ප්‍රඥාව කුමක්ද (සේඛ බල) යන්න පහදා දීම.
  4. ආකාරවතී ශ්‍රද්ධාව කුමක්දැයි පහදා දීම.
  5. අපගේ මනසේ අශ්‍රද්ධාව සහ සැකය ඇතිවෙන ප්‍රායෝගික අවස්ථා පැහැදිලි කිරීම.
  6. බුදු දහමේ ලැජ්ජාව සහ භය යන්න කුමක්දැයි ප්‍රායෝගික උදාහරණ තුලින් පැහැදිලි කිරීම.
  7. දරුවන් සහ කිට්ටු ඥාතීන් නිසා අකුසලයට පත්වන සිත එයින් මුදවා ගන්නා ආකාරය සහ දරුවන් හැදිය වැඩිය යුතු නිවැරදි ආකාරය.

ඇතුළු කාලීන වටිනා කමක් ඇති තවත් දහම් කරුණු රැසක් ඇතුලත් නිසාවෙනි.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, පඤ්චක නිපාතයේ, සේඛබල වර්ගයේ අකුසලසමාපත්‌ති සූත්‍රයයි.  එම වටිනා සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: අකුසලසමාපත්‌ති සූත්‍රය.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.