
Tian Tan Buddha, a large bronze statue of Buddha in Hong Kong.
සුතමය සහ චින්තාමය ඥාන භාවනා වශයෙන් ප්‍රගුණ කිරීම පිළිබඳව අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාවෙන් අද කාලයේ බෞධයන්ගේ දහම් මග පුහුණුවේ මූලික දුබල කමක් මග හරවා ගන්නා ආකාරය පැහැදිලි වේ.
සුතමය සහ චින්තාමය ඥානයන් යනු කුමක්ද සහ එහි ඇති සීමාවන් නිසා භාවනා ඥානය දියුණු කිරීමේ වැදගත්කම, භාවනා ඥාන යනු කුමක්ද සහ එය තුන් ආකාරයකින් වඩනා ආකාරය කෙසේද යන වටිනා කරුණු ප්‍රායෝගික උදාහරණ ඇසුරෙන් මෙහිදී පැහැදිලි කෙරේ.
- “සුතමය සහ චින්තාමය ඥාන භාවනා වශයෙන් ප්‍රගුණ කිරීම” යන ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.
- “සුතමය සහ චින්තාමය ඥාන භාවනා වශයෙන් ප්‍රගුණ කිරීම” යන ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ධම්මපදයේ සහස්‍ර වර්ගයේ ඇති ගාථා රත්නයකි. එම ගාථාව සහ ගාථාවට පාදකවූ අතීත පුවත මෙතනින් කියවන්න: බහුපුත්‍රිකා තෙරණිය පිලිබඳ කතා වස්තුව.
ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;