සම්මා සංකප්ප (01-11-2022)

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දෙවන අංගය වන සම්මා සංකප්ප පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව දහම් මග පුහුණු කරන ශ්‍රාවකයන්ට බොහෝ වැදගත් වන්නේ පහත සඳහන් මූලික හේතුන් නිසාවෙනි.

එනම් මෙහිදී සම්මා සංකප්ප වන නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප සහ අවිහිංසා සංකප්ප යනු කුමක්දැයි පැහැදිලි කිරීම, ඒවා වර්ධනය කර ගන්නා ආකාරය සහ අනුගමනය කල යුතු මාර්ගයන් සහ මිත්‍යා සංකල්පනාවන් ගෙන් ඒවා වර්ධනයේදී බාධා පැමිණෙන ආකාරය මනාකොට පැහැදිලි කෙරෙන නිසාවෙනි.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ සංයුක්ත නිකායේ, මහා වර්ගයේ, මග්ග සංයුක්තයේ, අවිජ්‌ජා වර්ගයේ එන විභඞ්ග සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: විභඞ්ග සූත්‍රය.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.