දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය. (09-06-2022)

දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය. (09-06-2022)

දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳව අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාවේ නිවන් මග දියුණු කරන ශ්‍රාවකයන් හට වැදගත් වූ ප්‍රායෝගික කරුණු කිහිපයක් මනා ලෙස පැහැදිලි කර ඇත. ඒවා නම්;

  1. නිවන් මාර්ගය පුහුණු කිරීමේදී හැම විටකම ”දුක නැති කිරීමේ වැඩ පිළිවෙල” යන පදනම මත පිහිටා ක්‍රියා කිරීමේ වැදගත් කම.
  2. සම්මා දිට්ඨියෙන් දැකිය යුත්තේ කුමක්ද?
  3. පෘතග්ජනයන් සුඛ දුක්ඛ උපේක්ඛා යන වේදනා තුලින් දුක දැකීම, හඳුනා ගැනීම නිසා දුක්ඛ සත්‍යය දැකීමට අපහසු වෙන ආකාරය.
  4. ආර්යන් වහන්සේලා දුක දකින ආකාරය සහ දුකේ හේතුව පිරිසිඳ දැක ගැනීමේ අවශ්‍ය තාවය.
  5. කුසල ධර්ම දියුණු කල පමණින් දුක් දුරු නොවන්නේ ඇයි?
  6. හේතු ඵල දැක්ම දියුණු කරගැනීමේ වැදගත්කම සහ එහි ඇති සීමාව.
  7. සම්මා දිට්ඨිය, සම්මා සතිය සහ සම්මා වායාමයේ ඇති වැදගත්කම.

යන කරුණු වේ.

”දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.

”දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, සංයුත්තනිකායේ, මහාවග්ගපාළියේ, සච්චසංයුත්තයේ, ධම්‌මචක්‌කප්‌පවත්‌තන වර්ගයේ එන ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රයයි.
එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.