සුගත පද විවරණ ධර්ම විනිශ්චය – නිවන සැපයක් වන්නේ කෙසේද? (26-03-2023)

සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 25 – නිවන සැපයක් වන්නේ කෙසේද?) 26-03-2023

මෙවර සුගත පද විවරණ, නිවන සැපයක් වන්නේ කෙසේද? යන වටිනා පැනයෙන් ආරම්භ කෙරිණි.  නිවන් දැකීමේදී සත්ව පුද්ගලභාවය නැති වන්නේ නම් එය සැපයක් වන්නේ කෙසේද සහ එම සැපය විඳින්නේ කවරෙක් ද යන කරුණු බොහෝ බෞධයන් හට ඇති වෙන ගැටළු විය හැක.  එම සුවිශේෂී ගැටලුව මෙහිදී විශිෂ්ඨ ලෙස පැහැදිලි කෙරිණි. 

එමෙන්ම වර්තමානයේ බහුලව සමාජගතව ඇති විශ්වාසයක් වන ‘නිවන් දැකීමට සියල්ල අත හැරිය යුතුය’, යන කරුණ පිළිබඳවත් මෙහිදී ඉතා වටිනා කරුණු පැහැදිලි කිරීමක් සිදුවිනි.  එමෙන්ම එහිදී දානයක් දීමේ දී ඇතිවිය යුතු නිවැරදි මානසිකත්වය ද පැහැදිලි කෙරිණි. අපගේ මරණයෙන් පසු නැවත උපදිනවා ද?, නිවන් දකින්නේ මරණයෙන් පසු ද? යන සමාජයේ ප්‍රචලිත ගැටළු වලට ද මෙහිදී පිළිතුරු සැපයිණි.

සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්‍රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.

අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත “ධර්ම විනිශ්චය” ග්‍රන්ථය ඇසුරු කරගනිමින් මෙම සුගත පද විවරණ දහම් මාලාව සිදු කෙරේ.

සුගත පද විවරණ – ධර්ම විනිශ්චය දහම් සාකච්ඡා මාලාවේ පසුගිය වැඩසටහන් ඇතුලත් වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.