බුද්ධ නීති සංග්‍රහය 01 – හැඳින්වීම සහ නුවණ ඇතිකර ගැනීම (25-06-2023)

සුගත පද විවරණ (බුද්ධ නීති සංග්‍රහය 01 – හැඳින්වීම සහ නුවණ ඇතිකර ගැනීම.) 25-06-2023

මෙවර සුගත පද විවරණ, අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේගේ තවත් වටිනා ග්‍රන්ථයක් වන “බුද්ධ නීති සංග්‍රහය” පාදක කරගෙන සිදුකරන පළමු වැඩසටහන විය.

මෙම පළමු වැඩසටහනේ දී ග්‍රන්ථය පිළිබඳව හඳුන්වා දීමත් නුවණ ඇතිකර ගැනීමේ අවශ්‍යතාවයත් විසිතුරු ආකාරයෙන් පැහැදිලි කරන ලදී.  බුද්ධ නීති සංග්‍රහය තුලින් නිවණ සාක්‍ෂාත් කරගන්නා තුරු සසර ගමනේ මෙලොව සහ එලොව යහපත් කරගැනීමට අවශ්‍ය සහ පිළිපැදිය යුතු කරුණු පැහැදිලි කෙරේ.  මෙම ග්‍රන්ථයේ ඇතුලත් කරුණු සුත්‍ර පිටකයෙන් සහ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත කරුණු ඇසුරෙන් සකස් කරන ලදී.

සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්‍රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.


සුගත පද විවරණ – “ධර්ම විනිශ්චය” දහම් සාකච්ඡා මාලාවේ පසුගිය වැඩසටහන් ඇතුලත් වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.