සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 29 – ප්‍රර්ථනා සහ පාරමිතා) 23-04-2023

මෙවර සුගත පද විවරණ, බොදු අපට ඉතා වැදගත් කරුණු දෙකක් වන නිවැරදි ප්‍රර්ථනා සහ පාරමිතා (නිවන සඳහා උපකාර වෙන සාධක) පිළිබඳ ගැඹුරු වූද අප්‍රකට වූද කරුණු පැහැදිලි කිරීමක් විය.  එමෙන්ම එහිදී වර්ථමානයේ බොහෝ ගිහි සහ ඇතැම් පැවිදි සමාජයන් වල පවතින වැරදි මතයන් නිවැරදි කර පෙන්වා දෙන අනර්ඝ දහම් විවරණයක් විය.

මාර්ග ඵලයක් ලැබීමට කෙතරම් කාලයක් සසරේ ප්‍රර්ථනා ඇතිකර ගෙන ඒ සඳහා පාරමිතා පිරිය යුතු ද?, නිවණ සඳහා විශේෂ ප්‍රර්ථනා ඇතිකර ගැනීම මෝඩ කමක් ද? යනා දී වටිනා කරුණු රැසක් මෙහිදී සාකච්ඡා විය.

සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්‍රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.

අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත “ධර්ම විනිශ්චය” ග්‍රන්ථය ඇසුරු කරගනිමින් මෙම සුගත පද විවරණ දහම් මාලාව සිදු කෙරේ.

සුගත පද විවරණ – ධර්ම විනිශ්චය දහම් සාකච්ඡා මාලාවේ පසුගිය වැඩසටහන් ඇතුලත් වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.