සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 27 – සිත නැති කයක් !!) 09-04-2023

සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 27 – සිත නැති කයක් !!) 09-04-2023

මෙවර සුගත පද විවරණ, ධර්ම විනිශ්චය පිලිබඳ 27 වෙනි ධර්ම සාකච්ඡාව විනි.  සාකච්ඡාව ආරම්භ වූයේ උප්පත්තියෙන් අංග විකෘතිව ඇති අයට දහම අවබෝධ කල හැකිද සහ ඒ අයට පැවිදි බව තහනම් කර ඇත්තේ මන්ද යන කරුණ ගැඹුරට පැහැදිලි කිරීමෙනි. 

පින් කිරීමට නොහැකි කාල මොනවාදැයි පැහැදිලි කිරීමේ දිගුවක් ලෙසින් අබුද්ධෝපාද කාලයන් වල දී ඉහලම තත්වය ලෙස සැලකෙන සිත නැති කය ඇති බ්‍රහ්ම තලය යනු කුමක් ද සහ ඒ උප්පත්ති තලයට පැමිණීමට ඒ කාල වල දී දක්‍ෂ යෝගාවචරයන් පුහුණු වෙන ආකාරය රසවත් ආකාරයෙන් පැහැදිලි කෙරිණි.  

සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්‍රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.

අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත “ධර්ම විනිශ්චය” ග්‍රන්ථය ඇසුරු කරගනිමින් මෙම සුගත පද විවරණ දහම් මාලාව සිදු කෙරේ.

සුගත පද විවරණ – ධර්ම විනිශ්චය දහම් සාකච්ඡා මාලාවේ පසුගිය වැඩසටහන් ඇතුලත් වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.