සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 35 – මස් මාංශ අනුභවය.) 18-06-2023

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් අති පූජනීය රේරුකානේ චන්දවිමල මහා තෙරුන් වහන්සේ විසින් රචිත ධර්ම විනිශ්චය ග්‍රන්ථය ඇසුරුකොට සිදුකල සුගත පද විවරණ අවසාන වැඩසටහන. මෙහි විශේෂ කරුණක් වුයේ බුදු දහමේ මස් මාංශ අනුභවය පිලිබඳ ආකල්පය පැහැදිලි කිරීම නිසා වෙනි.

සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 35 – මස් මාංශ අනුභවය.) 18-06-2023

මෙවර සුගත පද විවරණ, ධර්ම විනිශ්චය ග්‍රන්ථය පාදක කර ගෙන සිදු කෙරෙන අවසාන වැඩසටහන විය. එහි දී මුලින්ම බුදු රජාණන් වහන්සේගේ සත් සතියේ මුචලින්ද නාග රාජ සිද්ධිය පැහැදිලි කිරීමෙන් ආරම්භ විය.  බුදු රජාණන් වහන්සේ සඳහා පිළියෙළ කෙරුණු අවසාන දානය වූ සූකර මද්දව සත්ව මාංශයක් ද නැති ද යන්නත් මස් මාංශ අනුභවය පිළිබඳව බුදු දහමේ දැක්වෙන්නේ කවර දැක්මක් ද යන වැදගත් කරුණු ආදිය මෙහිදී පැහැදිලි කෙරිණි. 

සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්‍රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.

අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත “ධර්ම විනිශ්චය” ග්‍රන්ථය ඇසුරු කරගනිමින් මෙම සුගත පද විවරණ දහම් මාලාව සිදු කෙරිණි.

සුගත පද විවරණ – ධර්ම විනිශ්චය දහම් සාකච්ඡා මාලාවේ පසුගිය වැඩසටහන් ඇතුලත් වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.