මෙවර සුගත පද විවරණ, සිද්ධාර්ථ කුමාර උප්පත්තියේ දී සිදුවුණු ආශ්චර්යාත්මක සිදුවීම් පැහැදිලි කිරීමෙන් ආරම්භ විය. සිදුහත් කුමරු ඉපදුන විටම නෙලුම් මල් හතක් මත වැඩියා ද?, ඉපදුන විගස කථා කලාද?, බිලිඳෙක් ව සිටිමින් මම ලොවට අග්‍ර වෙමි සහ ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි යනාදී ප්‍රකාශයන් කලේ කුමන කරුණක් නිසාවෙන් ද යනාදී බොහෝ කරුණු මෙහිදී පැහැදිලි කෙරිණි. එමෙන්ම වර්ථමානයේ මතභේදයන්ට තුඩු දී ඇති මෙම කරුණු ගැන අප නිවැරදිව දැන ගැනීම හේතුවෙන් ආකාරවතී ශ්‍රද්ධාව මතුවෙන ආකාරය ද පැහැදිලි කෙරිණි.
සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්‍රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.
අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත “ධර්ම විනිශ්චය” ග්‍රන්ථය ඇසුරු කරගනිමින් මෙම සුගත පද විවරණ දහම් මාලාව සිදු කෙරේ.