කායානුපස්සනාව හැඳින්වීම. (03-06-2023)

කායානුපස්සනාව හැඳින්වීම. (03-06-2023)

කායානුපස්සනාව හැඳින්වීම පිලිබඳ මෙම දේශනාව සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරන යෝගාවචරයන් හට ඉතා වටිනා දේශනා මාලාවක දෙවන දේශනාව වේ.  එහි පළමු දේශනය පටිගත වී නොමැත.  මෙය අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදු කෙරෙන භාවනා වැඩ සටහනක සතිපට්ඨානය පිලිබඳ දේශනා මාලාවකින් උපුටා ගන්නා ලදී.

මෙම කායානුපස්සනාව පිලිබඳ හැඳින්වීමේ දේශනාවේ, නවක සහ පළපුරුදු යෝගාවචරයන් දෙකොටසට ම ඉතා වටිනා උපදේශනයන් ඇතුලත් වේ. එහි ඇති සුවිශේෂ වටිනාකම වන්නේ භාවනාවේ යෙදෙන යෝගාවචරයන් භාවනාව ප්‍රගුණ කිරීමේ දී සිදුවෙන වැරදි ප්‍රායෝගික උදාහරණ භාවිතයෙන් පෙන්වා දීම නිසා වෙනි. 

ඒ සමගම කායානුපස්සනාවේ දේශිත මූලික සිද්ධාන්ත පැහැදිලි කෙරෙන්නේ ගැඹුරු වටහා ගැනීමකට මග විවර කෙරෙමිනි. කායානුපස්සනාව පුහුණු කිරීමට යෝගාවචරයා තුල තිබිය යුතු සුදුසුකම් මොනවා ද, යෝගාවචරයාගේ ආකල්ප සහ දැක්ම, තෝරාගන්නා මාර්ගය සහ ගත සිත සකස්කර ගත යුතු ආකාරය, අවධානය පිහිටුවා ගතයුතු ආකාරය සහ ඒ සඳහා කල යුතු කාර්ය මෙහි දී පැහැදිලි කරන ලදී.

මහා සතිපට්ඨාන සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: මහා සතිපට්ඨාන සූත්‍රය.

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදු කල අනෙකුත් දේශනා සහ ධර්ම සාකච්ඡා වල යොමුවන් ඇතුලත් මූලික වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.