
කල්යාණ මිත්රයන්ගේ ගුණ සුවඳ දැල්වෙන හඳුන් කූරක සුවඳ මෙන් දසතම පැතිරේ.
අපායේ නොවැටෙන අවම මට්ටම පිලිබඳ වැදගත් විවරණයක් පසුගිය මැයි මාසයේ අගදී මීතිරිගල නිස්සරණ වන සේනාසනයේදී පැවැත්වුණු 147 වන නේවාසික භාවනා වැඩමුළුවේදී සඳහන්විණි. එම වටිනා වැඩමුළුව පූජනීය පානදුරේ චන්දරතන ස්වාමිපාදයාණන් වහන්සේ විසින් ඉදිරිපත් කෙරිණි.
එහිදී යෝගිනියක් විසින් අෂ්ඨ ආර්යයන් වහන්සේලාගෙන් පළමුවන ආර්යයන් වහන්සේ මරණයෙන් පසුව සුගතිගාමී වේදැයි ප්රශ්නයක් නැගූ විටස්වාමීන්වහන්සේ දුන් පිළිතුර සමගින් එම වැදගත් විවරණය සිදුවුණි. එහිදී උන්වහන්සේ පැහැදිලිකලේ බුද්ධ දේශනාවකට අනුව පළමුවන ආර්යයන්වහන්සේ පමණක් නොව ඊට පහලින් සිටින්නාවූ සද්ධානුසාරී සහ ධම්මානුසාරී යන දෙදෙනාත් ඊළඟ භවයේදී සුගති ගාමී වනබවය. ඔවුන් ඊළඟ භවයේදීත් ධර්ම මාර්ගය වැඩුවහොත් නිවන කරා යොමුවූ ක්රමික මාර්ගයකට අවතීර්ණ වෙති. විනාඩි 4ක් වෙන එම ධර්ම ඛණ්ඩය පළමුව ඉදිරිපත්කර ඇත.
දෙවනුව ඉදිරිපත් කර ඇති විනාඩි 2ක් වන දෙවන ධර්ම ඛණ්ඩයේදී ස්වාමින්වහන්සේ ආර්ය ලේබලය ගසා ගැනීම සක්කාය දිට්ඨිය වැඩීමට හේතුවිය හැකි බව පැහැදිලි කරයි. වැදගත් වන්නේ ධර්ම මාර්ගයේ නොනවත්වා ගමන් කිරීම බව පැහැදිලි වේ.
තුන්වනුව සහ හතරවනුව සඳහන්වන ධර්ම ඛණ්ඩයන් තුලින් ධර්ම මාර්ගය වැඩි දුරටත් පැහැදිළි කිරීමක් සිදුවේ. මෙලෙස ධර්ම මාර්ගයේ ගමන නොනවත්වා දියුණුවන විට බ්රහ්මජාල සුත්රයෙන් තේරුම් යන පරිදි තමා මරණින් මතු යන්නේ කොහේදැයි යන පැනය නොවැදගත්වේ. දැනට බොහෝ දෙනෙකුට බිය ගෙන දෙන එම සිතිවිල්ල එවිට ධර්ම මාර්ගයේ දියුණුව තුලින්ම මැකී යනු ඇත.
මෙම වටිනා ධර්ම ඛණ්ඩයට සවන් දෙන ආකාරය පහතින් සඳහන් වේ.
- වෙබ් අඩවිය තුලින් සවන් දීමට: පහත සඳහන් web Link (වෙබ් සබඳතාවය) මත click කරන්න.
- ධර්ම ඛණ්ඩය බා ගත කර ගැනීමට (download කිරීමට): ධර්ම ඛණ්ඩය මතට කර්සරය (bring the cursor on to the link) ගෙන දකුණුපස (right) click කර පහතට වැටෙන මෙනුවෙන් ‘save as’ ගොනුව click කරන්න.
126. සද්ධානුසාරී සහ ධම්මානුසාරී ඇත්තෝ ඊළඟ භවයේදී අපායේ නොවැටෙන්නෝය.
127. ආර්ය ලේබල් ගසාගැනීම සක්කාය දිට්ඨිය වැඩීමට හේතුවිය හැකිය.
128. නූපන් කුසල් උපදවා ඒවා වැඩිදියුණු කරන හැටි.
129. මෛත්රිය සහ මුදිතාව.
Very useful information.
Thank you for sharing.