අතීත ලංකාවේ ගිහියන් සෝවාන් ඵල ලැබූ සුත්‍රය

අතීත ශ්‍රී ලාංකික වැසියන් ලද දෙයින් සතුටුවීම අගය කලහ.

ධර්මයට සවන් දීමෙන් සෝවාන් ආදී මාර්ග ඵල වලට පැමිණීමට අතීතයේදී සිටි ඇතැම් ශ්‍රී ලාංකිකයන්ට හැකිවූ බව අටුවාවේ සඳහන් වේ. ඔවුන් එසේ මග ඵල වලට පත්වීමට වැඩියෙන්ම හේතුවූ සුත්‍ර දේශනාවක් ගැන සඳහන් වේ. එම දේශනාව වන්නේ අරියවංස සුත්‍ර දේශනාවයි.

පුජ්‍යපාද පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ ඒ පිළිබඳව ඉතා වැදගත් සහ හරවත් කරුණු රාශියක් පහත ඉදිරිපත් කර ඇති ධර්ම දේශනා ඛණ්ඩයේ ඇතුලත් වේ. ලද දෙයින් සතුටුවීම සාමාන්‍ය ගිහි ජීවිතයේ සතුටට සහ අධ්‍යාත්මික ජිවිතයේ පරිණත භාවයට හේතුවන ආකාරය මෙම ධර්ම කාණ්ඩයෙන් මැනවින් විස්තර වේ.

ලද දෙයින් සතුටුවීම විශේෂයෙන්ම භාවනා ජීවිතයට බලපාන ආකාරය මෙම ධර්ම ඛණ්ඩයෙන් ඉතා ගැඹුරු එහෙත් සරල ආකාරයකින් විස්තර වේ. මෙම ධර්ම ඛණ්ඩය විනාඩි 33 ක් වේ.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ සඳහන් අරිය වංශ සුත්‍රය කියවීමට, ත්‍රිපිටකය වෙබ් අඩවියෙන් මෙතන click කිරීමෙන් ලබා ගත හැක.

මෙම වටිනා ධර්ම ඛණ්ඩයට සවන් දෙන ආකාරය පහතින් සඳහන් වේ.

  1. වෙබ් අඩවිය තුලින් සවන් දීමට: පහත සඳහන් web Link (වෙබ් සබඳතාවය) මත click කරන්න.
  2. ධර්ම ඛණ්ඩය බා ගත කර ගැනීමට (download කිරීමට): ධර්ම ඛණ්ඩය මතට කර්සරය (bring the cursor on to the link) ගෙන දකුණුපස (right) click කර පහතට වැටෙන මෙනුවෙන් ‘save as’ ගොනුව click කරන්න.

115. අතීත ශ්‍රී ලංකාවේ ගිහියන් වැඩිදෙනෙක් සෝවාන් මග ඵල ලැබූ සුත්‍රය සහ ලද දෙයින් සතුටුවීම

මෙම වටිනා ධර්ම ඛණ්ඩය උපුටා ගන්න ලද්දේ පුජ්‍යපාද පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් සිදු කල ප්‍රථම නාථකරන සුත්‍ර දේශනාවේ සත්වන ධර්ම දේශනාවෙනි. එම දේශනාවලිය සිදු කරන ලද්දේ 2016 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී මීතිරිගල නිස්සරණ වන සේනාසනයේදී පැවත් වූ නේවාසික භාවනා වැඩ මුළුවක දීය.

එම සම්පුර්ණ දේශනා වලිය ඇති වෙබ් අඩවි පිටුවට ඇතුළු වීමට මෙතන click කරන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.