යහපත් ජීවිතයක් උදෙසා සිහිය පැවැත්වීම සහ මත් ද්‍රව්‍යයෙන් වැලකීම.

යහපත් ජීවිතයක් උදෙසා සිහිය පවත්වා ගැනීමේ වැදගත්කම සහ මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැලකීමෙන් ඊට ලැබෙන පිටිවහල කොතෙක්ද කියා පැහැදිලිකල මෙම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 අප්‍රේල් මස 24 වන දින සිදුකරන ලදී.

සිහිය යනු කුමක්ද සහ සතිය හැමවිටම කුසල් සිත්වල පමණක් ඇතිවන බවත් මෙහිදී පැහැදිලි කෙරිණි. එමෙන්ම සතියෙන් තොරවූ විට අකුසල සිත් ඇතිවන ආකාරය මෙහි පැහැදිලි කෙරේ.

එම ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/3y2PGwC

ඒ සඳහා ධර්ම පදයේ අප්පමාද වර්ගයේ ගාථාවක් පාදක කරගන්න ලදී. එම ගාථා කථාවස්තුව කියවීමට: https://pitaka.lk/dhammapada/katha-21.html

සෙනසුරාදා ධර්ම සාකච්චාව අංක: 18 (08-05-2021)

සෙනසුරාදා ධර්ම සාකච්චාව අංක: 18, “සතර සතිපටිඨානය” යන තේමාව පදනම් කරගෙන සිදුකරනු ලැබුණි. භාවනාවට අත්‍යවශ්‍ය සතිය, ප්‍රඥාව සහ වීර්ය හඳුනා ගැනීම සහ පුරුදු කිරීම පිළිබඳව සහ සක්මන් භාවනාව සහ කයනුපස්සනාවේ ඇතැම් කොටස් මෙහිදී සාකච්චා කරන ලදී. එමෙන්ම සමථ සහ විපස්සනා භාවනා අංග දෙකම විමසීමට යොමුකරන ලදී.

මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු. එම වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව click කරන්න: https://bit.ly/3vVY66K

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දහඅටවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මැයි මස 08 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

ගිහි ජීවිතයක සකසුරුවන්කම, පිළිවෙල හා පිරිසිදුබව (04-05-2021)

ගිහි ජීවිතයක සකසුරුවන්කම, පිළිවෙල හා පිරිසිදුබව ගැන මෙම වටින ධර්ම දේශනාව අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මැයි මාසයේ 04 දින සිදුකරන ලදී.

මෙහිදී නැවැත්ම පිළිබඳව සිතන විට පැවැත්ම පිළිබඳව අමතක නොකළ යුතු බව දන්නා පුද්ගලයා දෑසම ඇති පුද්ගලයෙක් බවත් පැවැත්ම සහ නැවැත්ම සමබරව පවත්වා ගැනීම නිවන් ගමනට ආධාර වෙන බවත් පැහැදිලි කෙරිණි.

මෙම වටින ධර්ම දේශනාව සඳහා අඞ්‌ගුත්‌තර නිකායේ කුල සූත්‍රය පාදක කරගන්න ලදී. එම සුත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න. http://www.thripitakaya.org/tipitakaya/Index/478?s=10759

මෙම වටිනා ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න: https://bit.ly/3h4taNw

සෙනසුරාදා ධර්ම සාකච්චාව අංක: 17 (01-05-2021)

සෙනසුරාදා ධර්ම සාකච්චාව අංක: 17, “අකුසල සමාපත්ති, කුසල භාවනාවට ප්‍රවේශයක්” යන තේමාව පදනම් කරගෙන සිදුකරනු ලැබුණි. භාවනාව සහ කුසල සමාපත්තිය යනු කුමක්ද සහ අකුසල සමාපත්තිය අප ජීවිතයේ නොදැන වැඩෙන සහ වඩන ආකාරයත් මෙහිදී සාකච්චා කෙරිණි.

මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු. එම වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව click කරන්න: https://bit.ly/3gXdbRs

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දාහත්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මැයි මස 01 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

සෙනසුරාදා ධර්ම සාකච්චාව අංක: 16 (24-04-2021)

මෙවර සෙනසුරාදා ධර්ම සාකච්චාව අංක: 16, “මරණයට සූදානම් වීම සහ අකල් මරණ” යන මාතෘකාව පාදක කරගෙන සිදුකරනු ලැබුණි. “ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දහසයවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 අප්‍රේල් මස 24 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට දායක වූ සේක.

මෙම ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු. එම වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව click කරන්න: https://bit.ly/2QZhLDG

ලෝක ධර්මතා හමුවේ කම්පා නොවී සිටින්නේ කෙසේද? (28-03-2021)

මහා මංගල සූත්‍රයේ “පුට්ඨස්ස ලෝකධම්මේහි…” ගාථාව ඇසුරු කොට මේ කාලයට ඉතා ප්‍රයෝජනවත් වෙන වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මාර්තු 28 වෙනි දින සිදුකරන ලදී. ලෝක ධර්මතා හමුවේ කම්පා නොවී සිටීම දියුණු කරන ආකාරය සහ එම දියුණුව මෙලොව, පරලොව සහ අපගේ නිවන් ගමනට ආධාර වෙන ආකාරය පැහැදිලි කෙරෙන මෙම දේශනාව, අපගේ ගිහි හෝ පැවිදි හෝ ජීවිත ඔපවත් කරගැනීමට බොහෝ ප්‍රයෝගික වූ මගපෙන්වීම් වලින් යුතුවේ.

මෙම වටිනා ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න: https://bit.ly/3sLVoyZ

භාවනා මගට නිවැරදිව ප්‍රවේශ වන ආකාරය. (18-04-2021)

භාවනා මගට නිවැරදිව ප්‍රවේශ වන ආකාරය පිළිබඳව වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 අප්‍රේල් මස 18 දින සිදුකරන ලදී. මෙම දේශනාව දැනට භාවනාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන අයට පමණක් නොව භාවනාව දැනටමත් ආරම්භ කර ඇති ශ්‍රාවකයන් හටද වැදගත් වේ.

මෙහිදී සියළු බුදුවරයාණන් වහන්සේලාගේ සංක්ෂිප්ත දහම් පණිවිඩය පාදක කරගන්නා ගෞරවනීය ස්වාමින්වහන්සේ, අපගේ භාවනාව කුමන මුලධර්ම මත පාදක විය යුතුදැයි වැදගත් විවරණයක් යෙදෙන සේක.

එමෙන්ම එම සියළු බුදුවරයාණන් වහන්සේලාගේ පණිවිඩය අරමුණු කරගනිමින් භාවනාවට පිවිසීමට කාහටත් යොදාගත හැකි සරල සහ ප්‍රායෝගික ක්‍රම වේදයක්ද මෙම දේශනාවේ ඉදිරිපත් කෙරේ.

මෙම වටිනා ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න: https://bit.ly/2Qjy8v0

සෙනසුරාදා ධර්ම සාකච්චාව අංක: 15 (17-04-2021)

මෙවර සෙනසුරාදා ධර්ම සාකච්චාව අංක: 15, “වගකීමි යුතුකමි සහ සසර හිමිකම්” යන මාතෘකාව පාදක කරගෙන සිදුකරනු ලැබුණි. “ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ පහළොස්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 අප්‍රේල් මස 17 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට දායක වූ සේක.

මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු. එම වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව click කරන්න: https://bit.ly/32BiX2X

ආමිස පූජාවෙන් ප්‍රතිපත්තියට (13-04-2021)

ආමිස පූජාවෙන් ප්‍රතිපත්තියට යන තේමාව මුල්කොටගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල විශිෂ්ටතම ධර්ම දේශනාවකි. මෙම දේශනාවේ වටිනාකම ප්‍රධාන වශයෙන් පහත සඳහන් කරුණු නිසා ඔප්නැංවේ;

1. බුදුරජාණන්වහන්සේ ප්‍රතිපත්ති පූජාව, ආමිස පූජාවට වඩා වැදගත් වනබව සඳහන් කල මුත් ආමිස පූජාව නොකරන ලෙස සඳහන් නොකලබව.

2. වර්ථමානයේදී ආමිස පූජාව තණ්හාව වැඩිදියුණු වන ලෙස පටලවා ගෙන අති ආකාරය.

3. ගිහි පැවිදි දෙපිරිසටම, ආමිසය නැතහොත් භෞතික පරිභෝජනය සිදුවිය යුත්තේ කුමක් සඳහාද?

4. ප්‍රතිපත්ති මග දියුණු කරනවිට ආමිස පූජාවේ වටිනාකම දියුණුවන හැටි.

5. ප්‍රතිපත්තියේ සහ ආමිසයේ ඇති අන්තර් සම්බන්ධතාවය.

එම ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/2Q4jxDA

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක:14 (10-04-2021)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක:14, “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබූ අවසන් සාකච්චාවයි. මෙදින අටවන සහ නවවන උපාසක ගුණයන් මූලික කොටගෙන දහම් සාකච්චාව සිදුකෙරිණි.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දාහතරවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 අප්‍රේල් මස 10 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට දායක වූ සේක.

මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු. එම වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව click කරන්න: https://bit.ly/3dV3yzq