පරෝපකරයේ වටිනාකම දියුණුකරන ආකාරය. (13-11-2020)

පරෝපකරයේ වටිනාකම දියුණුකරන ආකාරය පිලිබඳ මෙම දේශනාවෙන් යහපත් වූ කුසලයක් කිරීමේදී ඒ පිලිබඳ ඇතිවන්නා වූ මනෝභාවය සහ එම ක්‍රියාව ලෝකයට අර්ථ සම්පන්න වේද යන කාරණයන් දෙක මත එහි වටිනාකම සහ බලවත්කම තීරණය වන බව සඳහන් කෙරේ. එමෙන්ම ලෝකයට වැඩි යහපතක් කරන්නට නම් අප අපේ ප්‍රඥාව හසුරුවා ගැනීමේදී අප දක්‍ෂ විය යුතු බවත්, අපගේ මනෝභාවය කරුණාව, මෛත්‍රිය සහ මුදිතාව පෙරදැරිව සිදුවිය යුතු බවත් මෙම දේශනාවන් පැහැදිලිවේ.

පින්කම් කිරීමේ වටිනාකම, ප්‍රයෝජනය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මාපුඤ්ඤභායි සූත්‍රයහි දැක්වෙන දේශනා පාඨයක් ඇසුරුකොට මෙම ධර්ම දේශනාව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී.

මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද සංස්කරණය කල හඬ පටයද ඉදිරිපත් කරනෙමු.

1. 🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/3nsvw9s

2. 🙏🙏🙏 එම ධර්ම දේශනාවට පාදක වූ මාපුඤ්ඤභායි සූත්‍රය (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » සත්තක නිපාතය » අව්‍යාකත වර්ගය) මෙතනින් කියවන්න: https://pitaka.lk/main?n=32159


You may also like

Page 7 of 9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.