තමන්ට තමා ප්‍රිය නුවණැත්තා අකුසලින් මිදී සුරැකෙයි. (30-07-2020)

“‘තමන්ට තමා ප්‍රිය නුවණැත්තා අකුසලින් මිදී සුරැකෙයි” යන මුලික තේමාවෙන් සිදුකල මෙම ධර්ම දේශනාව ධම්ම පදයේ බෝධිරාජ කුමරුගේ කථා පුවත ඇසුරුකොට වර්ෂ 2020 ජුලි මස 30 වෙනි දින පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල වටිනා දායකත්ව ධර්ම දේශනාවකි.

තමන්ට තමා ප්‍රිය නම් ජීවිතයේ එක් යාමයකදී හෝ තමා අකුසලින් මිදී සුරක්ෂිත වන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ගත යුතු වන බව මෙම දේශනාවෙන් මනාව පැහැදිලි කරන ලදී. මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද සංස්කරණය කරන ලද හඬ පටය, ධම්ම පදයේ මෙම ධර්ම දේශනාවට පාදක වු ගාථාව සහ වීඩියෝ පටය ඉදිරිපත් කරන්නෙමු.

1. 🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://damsara.org/damsara_dhamma/Most_Ven._Kukulpane_Sudassi_Thero/Dayaka_Dhamma_Talks/04.Thamanta_thama_priya_nuvanatta_akusalayen_midee_surakeyi.mp3

2. 🙏🙏🙏 එම ධර්ම දේශනාවට පාදක වූ ඛුද්දක නිකායේ ධම්මපදපාළියේ ගාථාව සහ එම කතා පුවත: (ඛුද්දක නිකාය:ධම්මපදපාළි:අත්තවග්ගො:12-1 බෝධිරාජ කුමරුගේ කථා පුවත): https://pitaka.lk/dhammapada/katha-127.html


You may also like

Page 2 of 9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.