කාර්ය බහුල ජීවිතයට ඇතිවන ආතතිය නැති කිරීම (19-12-2020)

කාර්ය බහුල ජීවිතයට ඇතිවන ආතතිය නැති කිරීමට බුදුදහමින් ලැබෙන මාර්ගෝපදේශ මොනවාදැයි සහ කාර්ය බහුල ජීවිතයක ආගමික කටයුතු සඳහා කාලය වෙන්කරගන්නේ කෙලෙසදැයි පැහැදිලි කරමින් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 දෙසැම්බර් මස 19 වන දින සිදුකල ඉතා වටිනා සහ ප්‍රායෝගික ධර්ම දේශනාවකි.

මෙම දේශනාවේදී පහත සඳහන් කරුණු අවධාරණය කිරීම විශේෂයෙන් වැදගත්වේ.

1. බෞද්ධයන් මේ ජීවිත කාලය පමණක් නොව මුළු සංසර ගමනම සැලසුම් කරගත යුතුය.

2. ඒ එසේ වුවත් තමන් වෙත පැමිණිනෙන දෙයට පූර්ණව මුහුණ දීමටත් නොපමිනෙන, නූපන් දේ ගැන බරක් නොගැනීමත් මත ජීවිතය ආතතියෙන් තොරව ගතකල හැකිබව ආගතභාර සූත්‍රය ඇසුරුකොට ස්වාමින්වහන්සේ දේශනා කල සේක. (සූත්‍රය මෙතනින් කියවන්න: https://pitaka.lk/main?n=27190&p=100)

3. කෙතරම් කාර්ය බහුල ජීවිතයක් ගත කලත් සතිමත්ව එළබෙන කාර්යයට යෙදී ගත කිරීමෙන් මානසික ආතතිය නැතිව ගතකල හැකි බව.

4. සතිපට්ඨානය වැඩීම ඒ සඳහා ඉමහත් ලෙස උපකාර වන බව.

ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3pFTAWP


You may also like

Page 8 of 9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.