යොමු කිරීමක් සහිත භාවනා.

ආරම්භක භාවනා යෝගීන්ගේ පහසුව පිණිස මෙම යොමු කිරීමක් සහිත භාවනා ඉදිරිපත් කරනු ලැබේ.  මෙම භාවනා මීතිරිගල නිස්සරණ වන සේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින් වහන්සේ විසින් ස්වාධීන රූපවාහිනිය තුලින් විකාශනය වූ විපස්සනා පරිකථා වැඩසටහන් මාලාවේ ආරම්භයේ දී සිදුකෙරෙන කෙටි භාවනා යොමු කිරීම් ශබ්ද සංස්කරණය තුලින් වැඩි දියුණු කර, භාවනා වෙලාව වැඩිකර ඉදිරිපත් කරන ලදී.

එමෙන්ම ආජීව අෂ්ටමක ශීලය පිළිබඳ වටිනා විස්තරයක් සහිත pdf ලිපියක් මෙය ආරම්භයේ ඇතුලත් කර තිබේ. මේ තුලින් සෑම විපස්සනා පරිකථා වැඩසටහනක් ආරම්භයේ දී සමාදම් කරවන ආජීව අෂ්ටමක ශීලය පිලිබඳ වැඩිදුර අවබෝධයක් සහ එහි ප්‍රායෝගික වටිනාකම පිලිබඳ අදහසක් ඔබ තුල ඇතිවෙනූ ඇත.  එම ලිපිය මෙම යොමුවෙන් බාගත කරගන්න: ආජීව අෂ්ටමක ශීලය.


  1. අනාපානසතිය – විනාඩි 30
  2. කය තුල සතිය පිහිටවීම තුලින් කායානුපස්සනාව වැඩීම –  විනාඩි 30
  3. වේදනානුපස්සනාව තුලින් සතිය සහ ප්‍රඥාව දියුණු කිරීම – විනාඩි 45 (මෙවන් පුහුණුවක් එදිනෙදා ජීවිතයේ සියළු වේදනාවන් කෙරේ මනසිකාරයක් ලෙස ඇතිකර ගැනීම අපගේ ප්‍රඥාව දියුණු වීමට හේතුවෙන කරුණක් වෙනු ඇත.)

මතු සම්බන්ධ වේ….

විපස්සනා පරිකථා වැඩසටහන් මාලාවට මෙතැනින් පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.