ශීල ප්‍රතිපදාව තුළින් නිවන් මඟ සකස්කර ගැනීම. (17-07-2022)

Image by Helena Cuerva from Pixabay.

ශීල ප්‍රතිපදාව තුළින් නිවන් මඟ සකස්කර ගැනීම පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සියස රූපවාහිනිය තුලින් සිදු කරන ලද මෙම විශිෂ්ඨ ධර්ම දේශනාව, පහත සඳහන් සුවිශේෂ කරුණු නිසා ගිහි පැවිදි සෑම දෙනාටම වැදගත් වේ.

  1. අපගේ ජීවිතයේ ඇතුලත සහ පිටත ඇතිවී ඇති ගැටළු කාරී තත්වයෙන් මිදීමේ කර්තව්‍යට මුලිකව ශීලයේ පිහිටා සමාධිය සහ ප්‍රඥාව වැඩීම අත්‍යාවශ්‍ය බව බුද්ධ වචනය ආශ්‍රිතව මනා ලෙස පැහැදිලි කිරීම.
  2. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබුවා වූවත්, පාරමිතාවන් සම්පුර්ණ කරගෙන සිටියා වූවත් ශීලයේ පිහිටියේ නැති නම් ලෞකික සහ ලෝකෝත්තර දෙයාකාර පිරිහීමට පත් විය හැකි බව බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත් වූ මහදන සිටුවරයාගේ ජීවන පුවත තුලින් පහදා දීම.
  3. කෙලෙස් තවන දැඩි වීර්ය ඇතිව දක්‍ෂ භාවයෙන් කටයුතු කරමින් සමථ සහ විදර්ශනා ප්‍රඥාව වැඩීමේ වැදගත් කම.
  4. ශීලයේ ප්‍රභේද මැනවින් පැහැදිලි කරමින් එය ජීවිතයට සම්බන්ධ වෙන ආකාරය ප්‍රායෝගික උදාහරණ තුලින් පහදා දීම. 
  5. භෞතික සම්පත් පරිහරණය කලයුතු නිවැරදි ආකාරය අරියවංශ සූත්‍රය ඇසුරින් පැහැදිලි කිරීම. 

යන වටිනා පැහැදිලි කිරීම් නිසාවෙනි.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, සංයුත්‌ත නිකායේ, සගාථා වර්ගයේ, දේවතා සංයුත්‌තයේ, සත්ති වර්ගයේ ජටා සූත්‍රයයි.  එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: ජටා සූත්‍රය.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.