Video Dhamma of Most Ven. Kukulpane Sudassi Thero_04

Most Ven. Kukulpane Sudassi Thero

Given below are important Video Dhamma conducted by Most Ven. Kukulpane Sudassi Thero.

පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල වටිනා වීඩියෝ ධර්ම දේශනා සහ සාකච්චා මෙහි පල කෙරේ.

It’s sensible to watch the videos by clicking on the videos – without downloading because downloading could consume a lot of internet Data. We have also provided the links to the audio files for those who wish to save the Dhamma for listening.

To download the Audio file : You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

වීඩියෝ නැරැඹීම සඳහා එම වීඩියෝ මත click කරන්න. ඒවා බාගත කිරීමෙන් ඔබගේ අන්තර්ජාල data වැයවීම අධික වියහැක. එබැවින් සෑම වීඩියෝවක් සමගම පසුව ශ්‍රවණය කිරීමට බාගත කළහැකි හඬ පටයේ link (යොමුව) ද ඉදිරිපත් කරන්නෙමු.


16. සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 03 (16-01-2021): “ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ තෙවන සාකච්චාව වර්ෂ 2021 ජනවාරි මස 16 දින සිදුකරන ලදී. මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට හඬ පටයක් වශයෙන් මෙම වෙබ් පිටුවේ ඉදිරිපත්කර ඇත්තෙමු: සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 03 වෙබ් පිටුව.  

17. උපේක්ඛා පාරමිතාව (28-01-2021): උපේක්ඛා පාරමිතාව පිළිබඳව මෙම වටිනා ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි 28 දුරුතු පෝය දින සිදුකරන ලදී. උපේක්ෂාව යනු කුමක්ද සහ එය සෑම ගුණ ධර්මයක්ම වැඩීමට උපකාරවන ආකාරයත් අපගේ එදිනෙදා ජීවිතයේ උදාහරණ ඇසුරු කරගනිමින් මෙම ධර්ම දේශනාවෙන් පැහැදිලි කෙරේ. Click here for the audio. 

18. සක්කාය දිට්ඨිය දුරු කරගන්නා ආකාරය (28-01-2021): සක්කාය දිට්ඨිය දුරු කරගන්නා ආකාරය පිළිබඳව වටිනා ධර්ම දේශනාවක් සක්කාය සූත්‍රය ඇසුරු කොට ගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි 28 දුරුතු පෝය දින සිදුකරන ලදී. සක්කාය දිට්ඨිය යනු කුමක්ද, එය ඇතිවන ආකාරය, එය නැති කරන ආකාරය සහ එය නැති කිරීම සඳහා අනුගමනය කලයුතු පිළිවෙත පිළිබඳව පැහැදිලි වැටහීමක් මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඇති කරගැනීමට පුළුවන. ගෞරවනීය ස්වාමින්වහන්සේ මේ මේ පිලිබඳ ඇති ගැඹුරු කාරණා අපගේ ප්‍රායෝගික ජීවිතයේ උදාහරණ යොදාගනිමින් සරල ලෙස මෙහිදී පැහැදිලි කරන සේක. Click here for the audio. 

19. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකට මුහුණ දෙන ආකාරය (24-01-2021): මෙම දේශනාව හොඳින් ශ්‍රවණය කිරීම අපගේ ආධ්‍යාත්මයේ සුභවාදී, ප්‍රඥා ගෝචර වෙනසක් ඇතිකිරීමට හේතුවන කරුණක් වියහැක. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකට මුහුණ දෙන ආකාරය ගැන වර්ෂ 2021 ජනවාරි 24 වන දින පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලද සුවිශේෂී ධර්ම දේශනාවකි. මෙහි ඇති සුවිශේෂත්වය නම් තමාට ප්‍රියවන සෑම දෙයක්ම වෙනස්වීමට ලක්වෙන බව නිතර ප්‍රත්‍යවේක්ෂා කලයුතු බව යන සම්බුද්ධ වදන පෙරදැරි කොට අපගේ සිත් තුලට ඉතාම ගැඹුරින් ඇතුළුවන ලෙස ප්‍රායෝගික උදාහරණ සහිතව දේශනා කල ධර්ම දේශනාවක් වන නිසාවෙනි. Click here for the Audio. 

20. සෙනසුරාදා ධර්ම සාකච්ඡාව: අංක 02 (09-01-2021):“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙවන සාකච්චාව වර්ෂ 2021 ජනවාරි මස 09 දින සිදුකරන ලදී. මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු. සෙනසුරාදා ධර්ම සාකච්ඡාව: අංක 02 (Audio) 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.