සුසීම සූත්‍රය – Susima Sutta

සුසීම සූත්‍රය - Susima Sutta (ඉරිදා දහම් වැඩසටහන)

සුසීම සූත්‍රයSusima Sutta (ඉරිදා දහම් වැඩසටහන)

මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් සුසීම සූත්‍රය – Susima Sutta ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ නව සූත්‍රය ලෙස වර්ෂ 2023 අගෝස්තු 20 වන දින ආරම්භ කරන ලදී.

මෙම සූත්‍රය ප්‍රඥා විමුක්ත භාවයෙන් සසරින් නික්මෙන ආකාරය පිළිබඳව දේශනා කල ඉතාම වටිනා සුත්‍රයකි.  එම සුත්‍රය ඉතා වටිනා වන්නේ එහි දී ධම්මට්ඨිති ඤාණය ඇතිකර ගැනීමේ ඇති වටිනා කමත් සහ එය ඇතිකර ගන්නා ආකාරයත් පැහැදිලි කෙරෙන නිසා වෙනි.

පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින් වහන්සේ විසින් විශිෂ්ඨ ආකාරයෙන් ඉහත සඳහන් කල ධම්මට්ඨිති ඤාණය අප තුල උපදවා ගන්නා ආකාරය පැහැදිලි කරන සේක. 

අප එදිනෙදා ගත කරන ජීවිතය තුලින් එම ගැඹුරු නුවන උපදවා ගැනීමත්, එවන් නුවණක් ඇතිවෙන ආකාරයෙන් අපගේ දිවිය පැවත් වීම යන ප්‍රතිපදාව, යුගනන්ද ක්‍රමය (සමථ සහ විපස්සනා ද්විත්ව මාර්ගය) පුහුණු කරන යෝගාවචරයන් හටත් මහත් සේ වටිනා වේ.  එමෙන්ම සමථය මූලික කරගෙන භාවනාව ප්‍රගුණ කරන යෝගාවචරයන් හට පවා නිවන් මාර්ගයෙන් පිට පැනීමේ අවධානම එම ඤාණය දියුණු කරගැනීම තුලින් අවම කරගත හැකි වෙනු ඇත.   

සුසීම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: සුසීම සූත්‍රය.


  1. ධර්ම දේශනාව 01 – “ප්‍රස්තුතය සහ හැඳින්වීම” – සුසීම සූත්‍රය (20-08-2023)
  2. ධර්ම සාකච්ඡාව 01 – සුසීම සූත්‍රය (20-08-2023)
  3. ධර්ම දේශනාව 02 – “ධම්මට්ඨිති ඤාණය” – සුසීම සූත්‍රය (27-08-2023)
  4. ධර්ම සාකච්ඡාව 02 – සුසීම සූත්‍රය (27-08-2023)

සුසීම සූත්‍රය සම්බන්ධ දේශනා සහ සාකච්ඡා මාලාව මෙතනින් නිම විනි.

පසුගිය ඉරිදා දහම් වැඩසටහන් ඇති වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.