
Ruwanweli Maha Seya (රුවන්වැලි මහා සෑය)
උද්දේසවිභඞ්ග සූත්‍රය – Uddesa Vibhanga Sutta මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ 19 වන සූත්‍රය ලෙස වර්ෂ 2022 සැප්තැම්බර් මස 11 වන දින ආරම්භ කර සැප්තැම්බර් මස 18 වන දින නිම කරන ලදී.
පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින් වහන්සේ සමාධිය පිලිබඳ සිදුකරන දේශනා මාලාවක ආරම්භය ලෙස මෙම උද්දේසවිභඞ්ග සූත්‍රය පාදක කර ගන්නා ලදී. භාවනා යෝගීන් හට ඉතාම ප්‍රයෝජනවත් කරුණු මෙම සූත්‍ර දේශනාවන් සහ සාකච්ඡා තුල ඇතුලත් වී තිබේ.
උද්දේසවිභඞ්ග සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: උද්දේසවිභඞ්ග සූත්‍රය.
මෙම පළමු ධර්ම දේශනාවේදී ධ්‍යාන සමාධි ලැබූවන් තුල ඒ ගැන අප බාහිරව රූප, ශබ්ද, රස ආදියේ ඇතිකරගන්නා ආකාරයේම තණ්හාවෙන් බැඳීමක් ඇතිවිය හැකි ආකාරයන් ඉතා පැහැදිළි ආකාරයෙන් පෙන්වා දේ. ධර්ම සාකච්ඡාවේ ද බොහෝ වටිනා ප්‍රායෝගික කරුණු මතු කෙරේ.
සමාධියේ අවශ්‍යතාවයත් එනමුත් එහි ඇති සුවයේ නොබැඳෙන ලෙසින් භාවනා මනසිකාරය, සතිය සහ ප්‍රඥාව තුලින් පර්යන්කයේ සහ එදිනෙදා ජීවිතෙයේ දියුණු කිරීම පැහැදිලි කෙරේ.
මෙම Zoom දුරස්ථ වැඩසටහනට සම්බන්ධ වීමට Zoom මෘදුකාංගය ස්ථාපිත කරගෙන පහත දැක්වෙන අයුරින් සම්බන්ධ වන්න.
https://us02web.zoom.us/j/
Password: 171717
- ධර්ම දේශනාව 01 – උද්දේසවිභඞ්ග සූත්‍රය (11-09-2022)
- ධර්ම සාකච්චාව 01 – උද්දේසවිභඞ්ග සූත්‍රය (11-09-2022)
- ධර්ම දේශනාව 02 – උද්දේසවිභඞ්ග සූත්‍රය (18-09-2022)
- ධර්ම සාකච්චාව 02 – උද්දේසවිභඞ්ග සූත්‍රය (18-09-2022)
උද්දේසවිභඞ්ග සූත්‍රය ඇසුරින් සිදුකල දේශනා සහ සාකච්ඡාවන් මෙයින් නිම වේ.
පසුගිය ඉරිදා දහම් වැඩසටහන් ඇති වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.