අභිධර්මයේ මූලික කරුණු අංක: 38 (භූත රූප – 02) 07-03-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 38 (භූත රූප - 02) 07-03-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 38 (භූත රූප – 02) 07-03-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 38 (භූත රූප – 02) Saturday Dhamma Discussion  was conducted via Zoom on 07th March 2026 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය පස් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 මාර්තු මස 07 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.  එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු භූත රූප පිලිබඳ කොටසට මෙතනින් පිවිසෙන්න: ආපෝ ධාතුව සහ තේජෝ ධාතුව

මෙවර ධර්ම දේශනාව තුලින් භූත රූප වල ආපෝ ධාතුව සහ තේජෝ ධාතුව පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීමක් සිදු කෙරිණි. මෙහිදී ආපෝ සහ තේජෝ ධාතු වල සුවිශේෂී ගුණයන් සහ ඒවායේ මූලික ගුණ, ස්වභාව පිලිබඳ ඉතා ප්‍රායෝගික පැහැදිලි කිරීම් ඇතුලත් විනි.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත වූ වටිනා පැන නැගුණු අතර සහ ඒවා පිලිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි. 


  1. ධර්ම දේශනාව: භූත රූප වල ආපෝ ධාතුව සහ තේජෝ ධාතුව පිළිබඳව පැහැදිලි කරන්න. **** (ආපෝ සහ තේජෝ ධාතු වල සුවිශේෂී ගුණයන් සහ ඒවායේ මූලික ගුණ, ස්වභාව පිලිබඳ ඉතා ප්‍රායෝගික පැහැදිලි කිරීම් ඇතුලත් වන ඉතා වටිනා දේශනාවකි.)
  2. අතිශය වේගයෙන් සහ තියුණු ලෙස ක්‍රියාත්මක වෙන සිතකට භූත රුපයන් සහ නාමයන්ගේ වෙනස්කම් සහ ස්වභාවයන් ක්‍ෂණයකින් තේරුම් ගතහැකි වන ආකාරය පැහැදිලි කරන්න. **** (ඉතා වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි. මෙහිදී ඉද්ධිවිද ඥාණ දියුණු වීම ආරම්භ වෙන ආකාරයත් පැහැදිලි කෙරේ. ඉද්ධිවිද ඥාණ යනු චතුර්ථ ධ්‍යානය පදනම් කරගෙන දියුණු කරගනු ලබන, විවිධ ඍද්ධි බලයන් හා මායාකර්ම පෙන්වීමට හැකි පඤ්චාභිඥා  අතුරින් පළමු අභිඥාවයි. ඉද්ධිවිද ඥාණ බුදු, පසේබුදු සහ මහරහතන් වහන්සේලා සතු වූ විශේෂ හැකියාවක් වන අතර, එය නිවන දෙසට නැඹුරු වූ ආර්ය ඍද්ධි ලෙසත් සැලකේ. – Ref: Pitaka.lk)
  3. තේජෝ ධාතුවේ ශක්තිය අඩුවන විට සිදුවෙන තත්වයන් පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  4. නිබ්බන්ති සහ විපරිනාම ලක්‍ෂණ දෙකත් තේජෝ ධාතුව නිසා පවතිනවා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  5. උද්දච්ච සහ විචිකිච්චා චෛතසික වලින් කර්ම පථ හටගන්නේ නැති ද? එමෙන්ම කර්ම පථ යනු මොනවාදැයි පැහැදිලි කරන්න.
  6. සක්මන් භාවනාව කරන විට එම සක්මන් ගමන යන්නේ මනසේ මෙහෙයුමකින් බව ඉතා පැහැදිලි වේ. එම දැක්ම නාමරූප පරිච්චේද ඥානය ද? *** (වටිනා පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
  7. අප දහම් පාසල් වලදී ඉගෙන ගත් මහා භූත රූප සහ භූත රූප අතර වෙනසක් තියෙනවා ද? ***
  8. මියගිය නෑමිතුරන්ට පින් දීම් නිවසේ දී සිදු කිරීම සුදුසු නැති ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  9. සිතට රාග සිතක් ඇති වූ විට සිත විසින් එය රස කර පෙන්වයි. මා සිතට එවැනි සිතුවිලි එන විට කරන්නේ එයට බය නොවී එය ආවාට කමක් නැහැ කියා සිතීමය. එවිට එම සිතුවිල්ල පැමිණ නැතිවන ආකාරය දැකගත හැකිය. මෙය නිවැරදිද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  10. සක්මන් භාවනාවේදී මා මේ කය සිත නිසා ගමන් කරන බව, මේ කය නැවක් මෙන් හුළඟ නිසා ඉදිරියට යන්නා සේ මේ කයද සිත නිසා ගමන් කරන බව දැක ගත හැකිය.  සිතට අකුසලයක් එන විටද මෙසේ සිතිය හැකිද ? මාගේ දෙයක් නොවන බව. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  11. පවුල් සැලසුම් කිරීම මනුෂ්‍යයන් නැවත දරුවෝ නොලැබෙන ලෙස සැත්කම් කිරීම අකුසල් කර්මයක් ලෙස සමාජ මාධ්‍යක දුටුවා.  මෙය සත්‍යයක් ද? ***(වටිනා පැහැදිලි කිරීමකි.)
  12. පංචද්වාරික චිත්ත වීථි සහ මනෝද්වාරික චිත්ත වීථි වලින් කුසල් අකුසල් කිරීමේ දී වඩාත් ප්‍රබල වන්නේ කුමක්ද? ***
  13. සාංඝික දාන අප විසින් සිදු කරන විට දානය සාංඝික කල පසු ස්වාමීන්වහන්සේලා වැළඳු පසු ඒවා අන් අයට ආහාරයට ගැනීමට සුදුසු ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  14. ආනාපානසති භාවනාවේ දී අපි නාසිකාග්‍රයට සිත තැබීමත් හුස්ම රැල්ල දිගේ සිත ගෙන යාමත් යන ක්‍රම දෙකින් වඩා නිවැරදි ක්‍රමය කුමක් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  15. සමාලෝචනය සහ අවසානය. ***

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.