දස පාරමිතා අංක: 36 (මෛත්‍රී පාරමිතාව 04) – Saturday Dhamma Discussion was conducted via Zoom on 01st February 2025 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හැට තුන්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 පෙබරවාරි මස 01 වන දින සිදුකරන ලදී.
මෙවර ධර්ම දේශනාව තුලින් මෛත්‍රී පාරමිතාව පාරමී, උපපාරමී සහ පරමත්ත පාරමී වශයෙන් පුහුණු කිරීමේදී මූලික වෙන ප්‍රධාන කරුණු පැහැදිලි කෙරිණි. එමෙන්ම මෛත්‍රිය ආත්ම මූලික, මානුෂීය සහ ආධ්‍යාත්මික පදනම් තුල වැඩීමේදී එම ගුණය හැසිරෙන සහ දියුණු වෙන ආකාරය පැහැදිලි කෙරිණි.
එමෙන්ම මිනිසුන් නිරන්තරයෙන් ප්රතිලාභ ලැබීමේ හැඟීම තුල සිරවී සිට ගුණ ධර්ම දියුණු කිරීමට ගන්නා ප්රයත්නයේ විකෘති බව පැහැදිලි කරමින් මෛත්‍රිය වැනි ඕනෑම ගුණ ධර්මයක් වැඩීමේ දී එම මානසිකත්වයෙන් ඔබ්බට යාමේ ඇති අවශ්‍යතාවය මැනවින් පැහැදිලි කෙරිණි.
සාර්ථක සම්පජඤ්ඤය (කරන දේ පිලිබඳ විමසුම් නුවණ), පරමාර්ථය හොඳින් දැනගැනීමේ අවශ්‍යතාවය සහ එදිනෙදා දිවියේදී මෛත්‍රිය දියුණු කිරීමේ ක්‍රම දෙක ඉතා ප්‍රායෝගිකව පැහැදිලි කෙරිණි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී මාතෘකාවට අදාළ වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
- ධර්ම දේශනාව: ආත්ම මූලික, මානුෂීය සහ ආධ්‍යාත්මික පදනම් තුල වැඩීමේදී එම ගුණය දියුණු කරන ආකාරය පැහැදිලි කරන්න. *** (මෛත්‍රිය සහ වෙනත් ගුණ ධර්මයන් පාරමී වශයෙන් දියුණු කිරීමේදී මූලික වෙන කරුණු ඉතා ප්‍රායෝගික ආකාරයෙන් සහ වර්ථමාන ගිහි පැවිදි සමාජයේ ඇති වැරදි වැටහීම් පැහැදිලි කෙරෙන ඉතා වටිනා දේශනාවකි.)
- මියගිය කෙනෙකු අරභයා මෛත්‍රිය දියුණු කිරීම හෝ යොමු කිරීම අසාර්ථක වෙනවා ද? එසේ වන්නේ කුමන හේතුවක් නිසාවෙන් ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- ආධ්‍යාත්මික මට්ටමකින් මෛත්‍රිය වැඩීමේ දී විපස්සනා මට්ටමකට දියුණු වී අපගේ සාමාන්‍ය පුද්ගල භාවය ඉක්මවා මෛත්‍රිය වැඩීමක් සිදු වේ ද? *** (වටිනා පැනයක් සහ වටිනා සාකච්ඡාවකි.)
- වර්ථමාන ලෝකයේ මලියදේව මහරහතන් වහන්සේගෙන් පසුව ආර්යයන් වහන්සේලා පහල නොවෙන බවට එක්තරා මහාචාර්ය ස්වාමින්වහන්සේ කෙනෙකු දේශනා කරන කරුණු ශ්‍රාවකයන් නොමග යවන දෙයක් නොවේ ද? *** (වටිනා කරුණු දැක්වීමකි.)
- ලංකාවේ අවසාන මහ රහතන්වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ කියා අප තීරණය කරන්නේ කෙසේද? *** (වටිනා පැහැදිලි කිරීමකි. එය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක් නොවන බව මෙහිදී පැහැදිලි වේ.)
- සෝවාන් වීමේ දී සක්කාය දිට්ඨිය නැති කිරීමට මෛත්‍රිය නොමැතිව පුළුවන් නොවේද? *** (වටිනා කාලීන පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- සත්ව මාංශ අනුභවයෙන් වෙන්වී සිටීමෙන් සිදුකරන ජීවිත දානය මෛත්‍රිය නැතිව සිදුකල හැකි නොවේ ද? *** (වටිනා කාලීන පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
- එළඹ සිටි සිහිය සහ කායගතා සතිය අතර වෙනස් කමක් තිබේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- තමන්ටත් යහපත පිණිස යන තත්වයට ආත්ම මූලික බවකින් තොරව පැමිණිය හැක්කේ කෙසේද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- අසල්වාසී නිවසක සිටින කුඩා දරුවෙකුට සිදුවෙන පීඩාවක දී මා ක්‍රියාත්මක වෙන ආකාරය සුදුසු වේද? *** (වටිනා ප්‍රායෝගික පැහැදිලි කිරීමකි.)
- පරමාර්ථ වශයෙන් විදර්ශනාව මනසිකාරය කරන විට සමාධි තත්වයකට පැමිණ මෙත්සිත නිවැසියන්ට පතුරවන්නට පුළුවන්ද?*** (වටිනා පැහැදිලි කිරීමකි.)
- ප්‍රඥාව තුල මෛත්‍රිය ස්වල්ප ලෙස හෝ ගොනු වීමෙන් සක්කාය දිට්ඨිය ප්රහාණය කිරීමට උපකාරී වේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- පුණ්‍ය ඉර්ධි ඇතිවන්නේ විශේෂ පුද්ගලයන්ට පමණද?
- අභිධර්මයේ අප්‍රමාන චෛතසික වල මෙත්තාව විශේෂයෙන් සඳහන් නොවන්නේ මෙයින් කුමක් හේතු කොටගෙන ද? ***
- සෝතාපන්න තත්වයට පත්වීමට ත්‍රිහේතුක උප්පත්තියක් අවශ්‍යමද?
- දිබ්බචක්ඛු ඥානය, දිබ්බශ්රෝත ඥානයට වඩා වෙනස් වෙනත් ප්‍රභේදයක් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- අවසානය.
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.