අභිධර්මයේ මූලික කරුණු අංක: 09 (සබ්බ චිත්ත සාධාරණ චෛතසික 03) 10-05-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 09 (සබ්බ චිත්ත සාධාරණ චෛතසික 03) 10-05-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 09 (සබ්බ චිත්ත සාධාරණ චෛතසික 03) 10-05-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 09 (සබ්බ චිත්ත සාධාරණ චෛතසික 03) – Saturday Dhamma Discussion was conducted via Zoom on 10th May 2025 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හැත්තෑ හය වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 මැයි මස 10 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.

මෙවර ධර්ම දේශනාව තුලින් සබ්බ චිත්ත සාධාරණ චෛතසික වල සඤ්ඤා චෛතසිකය පැහැදිලි කෙරිණි.  මෙම සඤ්ඤා චෛතසික ධර්මයද සමස්ත සංසාර ගමන කෙරේ මහත් වූ බලපෑමක් දක්වන බව පැහැදිලි කෙරිණි.  අපව නිරයට, සුගතියට හෝ නිවනට පත්කිරීමට සමත් වෙන මෙම ධර්මය පිළිබඳව මෙහි දී ගැඹුරින් පැහැදිලි කෙරිණි.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දීද මෙම මාතෘකාවට අනුගත වූ වටිනා පැන මතු කෙරුණු අතර ඒවා පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීම් ගරු ස්වාමින්වහන්සේ විසින් සිදු කෙරිණි.


  1. ධර්ම දේශනාව: සබ්බ චිත්ත සාධාරණ චෛතසික වල සඤ්ඤා චෛතසිකය පැහැදිලි කරන්න. *** (සත්වයාගේ පැවැත්මට හෝ නැවැත්මට හෝ බෙහෙවින් තුඩුදෙන සඤ්ඤා චෛතසිකය පිළිබඳව සිදු කෙරුණු ඉතා වටිනා, ප්‍රායෝගික දේශනාවකි.)
  2. සඤ්ඤාව සහ සති සම්පජඤ්ඤය ඇසුරු කොට එදිනෙදා ජීවිතයේ සිදුවීමක් තුලින් ලැබූ අත්දැකීමක්. *** (සසරේ නැවැත්ම දක්වා පවා දියුණු කල හැකි ඉතා වටිනා ප්‍රායෝගික අත්දැකීමකි.  එමෙන්ම එහිදී අභිධර්මයේ ඇතැම් සිධාන්ත සතිය සහ සම්පජඤ්ඤය ඇසුරෙන් දියුණු කරන ආකාරය පැහැදිලි කෙරේ.)
  3. බුදුරජාණන් වහන්සේ සඤ්ඤාව මිරිඟුවක් ලෙසින් දැක්වූ උදාහරණයට අනුව සෑම සඤ්ඤාවක්ම මිරිඟුවක් ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  4. බුදුරජාණන් වහන්සේගේ අභිධර්ම සහ පටිච්චසමුප්පාද දේශනා වල ඇති වෙනස්කම් සහ වැදගත්කම් පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  5. මමත්වය සඤ්ඤාව ලෙස ගත හැකිද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  6. සසරේ නැවැත්ම සඳහා ඇති එකම විසඳුම සති සම්පජඤ්ඤය ද? ***
  7. සඤ්ඤා චෛතසිකය සහ සංඥාස්කන්ධය අතරත් වේදනා චෛතසිකය සහ වේදනාස්කන්ධය අතරත් ඇති වෙනස පහදා දෙන්න. ***
  8. කායික වේදනාවක් විඳීමේ දී සිදුවෙන සංසිද්ධිය අභිධර්මයට අනුව පැහැදිලි කර දෙන්න. ***
  9. කායික වේදනාවක් විඳීමේ දී සිදුවෙන සංසිද්ධිය අභිධර්මයට අනුව පැහැදිලි කර දෙන්න. ***
  10. අදුක්ඛම සුඛ වේදනාව සහ උපේක්ඛාව අතර වෙනසක් තිබේදැයි කරුණාවෙන් පහදා දෙන්න. ***
  11. සමාලෝචනය සහ අවසානය. ***

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.